බීමතින් බන්ධනාගාර දෙකකට පැන්න රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි –

බීමතින් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට ඇතුළු වී රැඳවියන්ට ද තර්ජනය කළ බවට චෝදනා එල්ල වූ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර පරිශ්‍රයන්හි තමා වෙතින් සිදුවූ සිද්ධීන්වලට අදාළ වගකීම් භාරගනිමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවය.

ලොහාන් රත්වත්තේ මහතා සිය ඉල්ලා අස්වීම පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී ඇති බවත්, ජනාධිපතිවරයා එය පිළිගත බවත්, ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

කෙසේ වෙතත්, දේශපාලන ආරංචි මාර්ග කියන්නේ ජනාධිපතිතුමාගේ දැනුම් දීම මත රත්වත්තේ මහතා ඉල්ලා අස් වී ඇති බව යි.

බන්ධනාගාරයේ සිටි දෙමළ සිර කරුවන් දන ගස්වා හිසට පිස්තෝල එල්ල කළ බවට ඒ මහතාට චෝදනා එල්ල වී තිබේ. ඒ අනුවඔහුගේ ඉල්ලා අස්වීම ප්‍රමාණවත් නැති බවත්, ඔහු අත් අඩංගුවට ගෙන පරීක්ෂණ කළ යුතු බවත්, විපක්ෂය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *