වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුමත් ඉල්ලා අස්වෙයි !

වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා ඊයේ (14) දිනයේදී සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

2019 වසරේදී නව රජය බලයට පත්වීමත් සමග වසර තුනක කාලයක් සඳහා මෙම තනතුරට පත්වූ ඒ මහතා පෞද්ගලික හේතුවක් මත ඊයේ දිනයේදී මෙසේ එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව කියති.

වී මිල දී ගැනීම සහ අලෙවිය පිලිබඳ  බරපතළ  ප්‍රශ්න මතු වී ඇති මොහොතක වී අලෙවි මණ්ඩල සභාපතිවරයා ගේ ඉල්ලා අස්වීම විශේෂත්වයකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *