රට සඳුදා සිට විවෘත කළ හැකියි – කොවිඩ් මර්ධන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

කොවිඩ් රෝගීන් හමුවීමේ අඩුවක් පෙන්නුම් කට ඇති නිසා ලබන සඳුදායින් පසු රට ක්‍රමානුකුලව විවෘත කල හැකි වන බව කොවිඩ් මර්ධන රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කොට ඇත.

දැනට බල පැවැත්වෙන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 දා, අඟහරුවාදා අලුයම දක්වා ක්‍රියාත්මක වෙයි.

විශේෂඥයින් කියන්නේ ඉන් පසුව රට විවෘත කරන්නේ නම් එය සැලසුමකට අනුව ක්‍රමානුකුලව සිදු කළ යුතු බව යි.

මේ අතර සිසුන් 200 ට අඩුවෙන් සිටින කුඩා පාසල් ලබන මස මැද පමණ වන විට විවෘත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කරමින් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *