වැඩ බාර ගන්නත් පෙර කබ්රාල්ගේ පත්වීමට නඩු

නව මහ බැංකු අධිපති ලෙස පත්කොට ඇති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ පත්වීම අත් හිටවන ලෙසත්, ඒ මහතාට්  එරෙහිව මහ බැංකු වෝහාරික වාර්තා මගින් හෙළිදරව් කොට ඇති කරුණු මත ඔහු අත් අඩංගුවට ගෙන එම පරික්ෂණ කිරීමට නියම කරන ලෙසත් ඉල්ලා රිට් පෙත්සමක් අද අධිකරණයට ඉදිරිපත්කොට තිබේ.

හිටපු ආණ්ඩුකාර වරයකු වන රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කොට තිබේ.

දුෂණ චෝදනා ලැබුවකු සහ දේශපාලඥයකු වන කබ්රාල් මහතා මහ බැංකු අධිපති වැනි වගකිව යුතු තනතුරකට පත් කිරීම මෙමගින් අභියෝගයට ලක් කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *