ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් අපට වුණේ. මේක දේව ශාපයක්ද කියා මිනිස්සු අහනවා – මුරුත්තෙට්ටුවේ හිමි

සෞභාග්‍යමත් රටක් ඇතිකර ගැනීමේ බලාපොරොත්තුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාව බලයට ගෙනා තමන්ට දැන් සිදුව ඇත්තේ ඉඟුරු දී මිරිස් ගත්තා හා සමාන දෙයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකිරීමේ පුරෝගාමී කාර්යයක් ඉටුකළ භික්ෂුන් වහන්සේ නමක් වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්‍යමත් දැක්මක් සැලැස්මක් මත ආණ්ඩුව ගෙනියනවා කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයට දැම්මාට ජනතාව තුළ ඒ පිළිබඳව කිසිම සතුටක් අද අපට පේන්න නෑ. සමහරු අපෙන් ඇවිල්ලා අහනවා, කියනවා අපෙ හාමුදුරුවනේ මේක මේ රටට ආපු දේව ශාපයක්ද, එහෙම නැත්නම් දේව කෝපයක්ද ?’ කියලා. ඔය ප්‍රශ්නෙ අපෙන් ඇවිල්ලා අහනවා. 

මං හිතනවා එතුමා එදා බලයට පත්වෙච්ච වෙලාවෙ මහා මංගල්‍යයක් බවට පත්වුණා එදා. නමුත් අද හැමදාම කතා කරන මිනිස්සු තුළ තියෙන්නෙ මංගල්‍ය කෙසේවෙතත් අපි හැමදෙනාම අවමංගල්‍යයකට පත්වෙලා නේද කියන හැඟීම අද මිනිස්සු තුළ තියෙනවා. තව කොටසක් ඉල්ලා අස්වෙනවා. තව කොටසක් උකටලීව පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. මහබැංකු අධිපතිතුමා කිව්වා කළකිරීමකින් ඉන්නෙ කියලා. හමුදාකරණය, හමුදාව, හමුදාව, හමුදාවෙ අවශ්‍ය ටික, රාජ්‍ය සේවකයින් ගත්තාම විශාල කළකිරීමකින් ඉන්නෙ. උඩ බලාගෙන කෙළ ගහන තත්වයට තමයි අද අපිත් පත්වෙලා තිබෙන්නෙ. 

අපි කවදාකවත් මෙවැනි තත්වයක් හිතුවෙ නෑ. මේ රට බබළවන්න පුළුවන් නායකයෙක් පත්කරගත්තා කියන මතය තමයි හැමකෙනා තුළම තිබුණෙ. අද හාත්පසින්ම එදා කිව්ව දේවල් නෙවෙයි වෙන්නෙ. ඇත්ත වශයෙන්ම අපි එදාත් කිව්වෙ මේක චීන කොළනියක් කරන්න දෙන්න එපා. නමුත් ඒ මොකක්වත් නැතුව එක පැත්තකට මේක දීලා කෑල්ල කෑල්ල විකුණනවා නම් කොටස් කරලා දෙනවා නම් අලුතිනුත් අක්කර 13ක් ආයෙ දෙන්න හදනවා නම් මොකක්ද මේ රටට වෙන්නෙ ?

අද අපට වෙලා තියෙන්නෙ මොකක්ද, අර කබලෙන් ලිපට වැටිච්ච තත්වෙකට පත්වෙලා තියෙන්නෙ. එහෙම නැත්නම් කතාවට කියනවා වගේ අර ඉඟුරු දීලා මිරිස් ගත්තා හා සමානයි. ඉඟුරුත් කට දනවා මිරිසුත් කට දනවා. අපට වෙලා තියෙන්නෙ අපි ඉඟුරු දීලා ගත්තෙ මොනවද, මිරිස් ටිකක් අරන් තියෙනවා” 

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (11) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

LANKANEWSWEB

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *