මහින්ද රාජපක්ෂ, ඩලස්ටත් තග දාලා !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ දිගුකාලින හිතවතෙකු වන ඩලස් අලහප්පෙරුම මහතාට තර්ජනාත්මක ලෙස අවවාද කොට ඇති බව වාර්තා වෙයි . බැසිල් රාජපක්ෂ මහතාට මහින්ද පිළේ වගකීම් පැවරීම ගැන ඩලස් අලහප්පෙරුම මහතාගේ අකමැත්ත ප්‍රකාශ වී තිබීම මෙයට හේතුව බව කියති . අලහප්පෙරුම මහතා තමන් අතහැර මෛත්‍රී පිලට එක්වීමට කටයුතු කරමින් සිටින බවට මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කල බවද වාර්තා වී ඇත . ඩලස් අලහප්පෙරුම මහතා චෝදනා ප්‍රතික්ෂේප කළද රාජපක්ෂ මහතා එම කරුණු පිළිගෙන නැත.

විපක්ෂයේ සිටියදීත් මහින්ද රාජපක්ෂ මහතා පවුල්වාදය ගොඩනගමින් සිටින බවට ඔහුගේ අනුගමිකයින්ම දැන් මැසිවිලි නගමින් සිටින බව දැනගන්නට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *