මහා බැංකු අධිපති ධුරයෙන් මහචාර්ය ලක්ෂ්මන් ඉවත්වෙයි

මෙම 14 දා සිට එනම් ලබන අඟහරුවාදා සිට මහ බැංකු අධිපති ධුරයෙන් විශ්‍රාම යන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය  දේශමාන්‍ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා අද නිවේදනය කළේ ය.

තමන්ගේ 80 වැනි උපන්දිනය සමරන ලබන මාසයේ තනතුරින් ඉවත්වීමට තමන්තීරණය කොට තිබු බවත්, එහෙත්, පසුගිය දිනවල ඇති වූ සිත් රිදවන ක්‍රියාවක් නිසා එම තීරණය ඉක්මන් වූ බවත්, මහාචාර්ය ලක්ෂ්මන් මහතා ප්‍රකාශ කළේ ය.

පසුගිය සතියේ දේශපාලන ආරංචි මාර්ග හෙළි කළේ මහ බැංකු අධිපති තනතුරින් මහාචාර්ය ලක්ෂ්මන් මහතා ඉවත් කොට, වත්මන් මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම තනතුරට පත් කිරීමට සුදානමක් ඇති බවයි.

එම පුවත ප්‍රතික්ෂේප කරන්නේ හෝ තහවුරු කරන්නේ නැති බව කබ්රාල් මහතා ප්‍රකාශ කොට තිබිණි.

මේ අතර වෙනත්  ආරංචි මාර්ග කියන්නේ ජනාධිපතිතුමා මහාචාර්ය ලක්ෂ්මන් මහතා අමතා අසාර්ථක මුල්‍ය කළමනාකරණය ගැන දොස් පැවරීම ඒ මහතා හදිසියේ තනතුරින් ඉවත්වීමට හේතු වූ වූ බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *