කොරෝනා වැළඳී ඇමති චමල් රෝහල් ගත කරයි

වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ මහතා කොවිඩ් ආසාදනය වීමෙන් රෝහල් ගතකර ඇත.

කොවිඩ් රෝගියකුගේ ආශ්‍රීතයකු වීම නිසා ඒ මහතා දින ගණනාවක් නිරෝධායනයේ සිටියේය.

රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට තිබේ.

පාර්ලිමේන්තුවේ තවත් මැති ඇමතිවරුන් නව දෙනෙකු මේ වනවිටත් රෝගය වැළඳී හෝ නිරෝධයනයේ හෝ සිරින බව වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *