ජනාධිපති 21 දා ඇමෙරික යයි

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ලබන 21 දා ඇමෙරිකාව බලා යාමට නියමිත බව වාර්තා වෙයි.

එකසත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම ඇමතීම සඳහා ජනාධිපති තුමා මෙලෙස නිව්යෝක් නුවර බලා යාමට නියමිතය.

සැප්තැම්බර් 21 සිට ඔක්තෝබර් 05 දින දක්වා මෙවර මහා මණ්ඩල සැසිය පැවැත්වෙයි.

පවතින කොවිඩ් තත්ත්වය නිසා මහා මණ්ඩල රැස්වීම මාර්ග ගත ක්‍රමයට පැවැත්වෙන අතර රාජ්‍ය නියෝජිතයින් එයට සම්බන්ධ වන්නේ අන්තර් ජාලය ඔස්සේ ය. සංවිධානයේ නිලධාරීන් සහ ප්‍රධාන කථිකයින් පමණක් සමුලු ශාලාවට පැමිණෙනු ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *