මෙරට ජනතාවට රෙදි අවශ්‍ය නැති බව මහ බැංකුව තීරණය කරයි !

රෙදිපිළි ඇතුළු භාණ්ඩ ගණනාවක් මෙරට ජනතාවට අත්‍යවශ්‍ය නොවන බව තීරණය කොට ඇති ශ්‍රී ලංකා මහ බැංකුව එම භාණ්ඩ ආනයනය සඳහා අමතර කොන්දේසි පනවා තිබේ. කොවිඩ් තත්ත්වය තුළ පාසල් දරුවන්ගේ මාර්ගගත අධ්‍යාපනයට මෙන් ම ,රජයේ සහ පෞද්ගලික අංශ සේවකයින්ගේ නිවසේ සිට වැඩ කිරීමට අත්‍යවශ්‍ය වී ඇති ජංගම දුරකථන , ස්ථාවර දුරකථන, පරිගණක ඇතුළු සන්නිවේදන උපකරණ ද මහ බැංකුවේ අත්‍යවශ්‍ය නොවන ලැයිස්තුවට ඇතුළත් ය.

රෙදිපිළි සහ සියලු උපාංග ද මෙම ලයිස්තුවේ ඇති අතර ඒවා බොහොමයක් ඇඟලුම් කර්මාන්තයේ යෙදවුම් ලෙස මෙරටට ආනයනය කරයි. ඒවා සීමා කිරීම ඇඟලුම් අපනයනයට ද  බලපාන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

මෙරටට ගෙන්වීම අධෛර්යමත් කෙරෙන භාණ්ඩ ලැයිස්තුවට  ජංගම දුරකතන, රූපවාහිනී, ශීතකරණ, ඩිජිටල් කැමරා, ටයර්, පලතුරු, සුවඳ විලවුන්, රෙදිපිළි සහ උපාංග ඇතුළු භාණ්ඩ රැසක් ඇතුළත් ය.

මෙම භාණ්ඩ ආනයනයේ දී ණයවර ලිපි නිකුත් කිරීම සඳහා ආන්තික මුදල් තැන්පතු අවශ්‍ය මහා බැංකුව නිවේදනය කොට තිබේ.

 

Photo – Daily Mirror

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *