පාස්කු ප්‍රහාර කුමන්ත්‍රණය ගැන ප්‍රශ්න කරන්න හිටපු නීතිපත දප්පුල සී අයි ඩී යට කැඳවයි !

පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය ගැන විමසීමට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවීමට එම දෙපාර්තමේන්තුව ඉදිරියේදී ක්‍රියාකරනු ඇතැයි ආරක්ෂක ලේකම්වරයා අද පැවතී මාධ්‍ය හමුවක් අමතා ප්‍රකාශ කළේ ය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුව එලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ඇති බව ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

තනතුරින් ඉවත් වූ පසු ඔහු සාමාන්‍ය පුරවැසියකු පමණක් බව ද ඒ මහතා කී ය.

ආරක්ෂක අමාත්‍යාංශයේ අද (09) මාධ්‍ය හමුවක් පවත්වමින් ආරක්ෂක ලේකම්වරයා  මේ බව පැවසුවේ කාදිනල්තුමන් ඊයේ සිදුකළ ප්‍රකාශවලට පිළිතුරු ලබාදෙමිනි.

. පොලීසිය, ආරක්ෂක අංශ සෑහෙන්න දුරට මේ ගැන පරීක්ෂණ පවත්වලා තියෙනවා. උසාවියේ දැනට නඩු දාලත් තියෙනවා. ඒ නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බොරු මතවලට රැවටෙන්න එපා. කාදිනල්තුමා ප්‍රකාශ කරන්නේ උන්වහන්සේගේ මතය. ඒ කතෝලික බිෂෝප්තුමන්ලාගේ එකතුවට අපේ විමර්ශන නිලධාරීන් ගිහින් පැය 4ක් විතර කරුණු පැහැදිලි කිරීමක් කළා. අවාසනාවකට එදා කාදිනල්තුමා හිටියේ නෑ.”යි ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *