සහල් මිල පාලනය කරන මාෆියාවක් ගැන ආණ්ඩුවේ කතාව බොරු – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් හෙළිකරයි !

සහල් වෙළෙඳපොළ පාලනය කරන මහා පරිමාණ මෝල් හිමියන්ගේ මාෆියාවක් ගැන රජය ගෙනයන ප්‍රචාරය පට්ට පල බොරුවක් බව  අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා අද කළ ප්‍රකාශයක් මගින් හෙළිදරව් වෙයි. ඊයේ පොළොන්නරුවේ මෝල් වැටලීමේ අසාර්ථක මෙහෙයුමෙන් පසු අද ඒ මහතා ප්‍රකාශ කොට ඇත්තේ පොළොන්නරුවේ විශාල මෝල් හිමියන් සපයන්නේ රටේ සහල් ඉල්ලුමෙන් සියයට 16 ක් පමණක් බව සහ එම සහල් ද සම්බා සහ කීරි සම්බා වැනි මැද පන්තිකයින් සහ ඉහළ පන්තිකයින් ඉලක්ක කරගත් සහල් වර්ග බවයි. වෙළෙඳ පොළට සහල් සැපයුමෙන් සියයට 84 ක් සපයන්නේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා හෙළිදරව් කොට තිබේ.

එයේ පොළොන්නරුවේ කළ වැටලීම සම්බන්ධයෙන් දිනපතා ලංකාදීප පුවත්පතේ යොහාන් බාසුර අද උදේ කළ විමසුමකට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා දුන් පිළිතුරේ එම කරුණු මෙසේ සඳහන් වෙයි.

“පොළොන්නරුවේ නමගිය සහල් ව්‍යාපාරිකයන් කීපදෙනා ශ්‍රී ලංකාවේ සහල් ඉල්ලුමෙන් සියයට 16 ක් වැනි සුඵ ප්‍රමාණයක් සපයන අතර ඉන් වැඩි සහල් ප්‍රමාණයක් සම්බා සහ කීරි සම්බා සහල් බව පැවසූ මේජර් ජෙනරාල් එම්. ඩී. එස්. පී. නිවුන්හැල්ල මහතා සහල් සැපයුමේ ඉතිරි සියයට 84 පිළිබඳව රජය දැඩි විශ්වාසයෙන් කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.” ( “ලංකාදීප වෙබ් අඩවිය ” )

නිවුන්හැල්ල මහතා සඳහන් කරන සියයට 84 ක් සහල් සැපයුම කරන්නේ 500 කට වැඩි ප්‍රමාණයක් ඇති සුළු සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විසිනි.

සුපිරි වෙළෙඳ සල් වලට සහල් සපයන සහ සමස්ත සහල් වෙළෙඳපොළේ සියයට 16 ක් පමණක් හිමි පිරිසකට සහල් මිල පාලනය කළ නොහැකි බව මෙයින් හෙළිදරව් වෙයි.

මහා පරිමාන මෝල් හිමියන් විශාල සහල් තොග සඟවාගෙන ඇති බවට වන ප්‍රචාර ද බොරු බව මෙයින් වැඩි දුරටත් හෙළිදරව් වෙයි.

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *