ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කෝවිඩ් 19 වෛරසය ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක සති තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ සුනිල් පෙරේරා මහතා ඉන් සුවය ලබා නිවසට පැමිණියේ මීට දින කිහිපයකට පෙරය.

කෙසේ වෙතත් පසුව නැවතත් ඔහුගේ පෙණහලුවල මතු වූ යම්කිසි අසාත්මිකතාවක් හේතුවෙන් සුනිල් පෙරේරා නැවත රෝහල් ගත කෙරුණේ මීට දින තුනකට පෙරාතුවය.

එම අසනීප තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණු මෙම ප්‍රවීණ ගායකයා අද අලුයම් කාලයේ අභාවප්‍රාප්ත වී ඇතැයි සදහන් වේ.

දශක පහක පමණ කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රය තුළ පෙරළිකාර භූමිකාවක් ඉටු කරමින් සුනිල් පෙරේරා මහතා අතිශය ජනප්‍රිය ගීත රැසක් නිර්මාණය කළේය.

ඒ මහතා පෙරළිකාර ගීත රැසක් නිර්මාණය කළ අතර පෙරළිකාර චින්තකයෙකු ලෙස ද ප්‍රකටව සිටියේ ය.

මිය යන විට ඒ මහතා 68වන වියෙහි පසුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *