සීනි මාෆියාවත් ආණ්ඩුවේ ම නිර්මාණයක් ; තරඟකාරී සමාගම් 45 ක් කපා හැරලා

තරඟකාරී  ලෙස මෙරටට සීනි ආනයනය කළ සමාගම් 45 ක බලපත්‍ර අහෝසි කොට සීනි වෙළෙඳපොළ පාලනය කිරීමට විශාල සමාගම් කිහිපයකට ඉඩ සලසා දුන්නේ වත්මන් ආණ්ඩුව විසින් ම බව වෙළෙඳපොළ තතු දත් ආරංචි මාර්ග කියයි.

මීට පෙර මෙරටට සීනි ආනයනය කළ සමාගම් සංඛ්‍යාව 67 කි. එම සමාගම් තරඟකාරී ලෙස සීනි ආනයනය කළ නිසා තනි සමාගමකට හෝ සමාගම් කිහිපයකට වෙළෙඳපොළ පාලනය කළ හැකි නොවී ය.

සීනි ආනයන බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් වෙළෙඳ අමාත්‍යාංශය සීනි ආනයන කරුවන් සංඛ්‍යාව 12 දෙනෙකුට සීමා කොට තිබේ.

මේ දිනවල සීනි සැඟ වූ බවට ආණ්ඩුව චෝදනා කරන්නේ එසේ තෝරාගෙන බලපත් නිකුත් කොට තිබු සමාගම් කිහිපයකට ය. එයින් පෙරමුණේ සිටින එක් සමාගමක් වන්නේ පසුගිය දා විශාල සීනි තොගයක් ගෙන්වා වරායේ සඟවා ගෙන සිට ආණ්ඩුවෙන් එක සීනි කොලෝවකට රුපියල් 49.75 බදු සහනයක් ලබා ගෙන විශාල අයුතු ලාභයක් ලබාගත් බවට චෝදනා එල්ල වූ ෆිරමිඩ් විල්මා සමාගම යි. ( ආණ්ඩුව සීනි ආනයන බද්ද කිලෝවකට  රුපියල් 50 සිට ශත 25 දක්වා එක රැයින් අඩු කොට විශාල වංචාවක් කළ බවට චෝදනා එල්ල වී ය.)

දැන් ආණ්ඩුව ම හොරු යයි කියන්නේ ආණ්ඩුව ම ගොඩ නැගු එම මාෆියාවට ය.

බලපත්‍ර ක්‍රම නොමැතිව තරඟකාරී ලෙස සීනි ආනයනයට කලින් පැවති ලෙස දිගට ම කරන්නට ඉඩ දුන්නා නම් මෙබඳු මාෆියා කතා කියන්නට ආණ්ඩුවට අද සිදු නොවන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *