සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 8,000 කින් ඉහළට

රජය අද නිකුත් කළ නිල වාර්තා අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිත සංඛ්‍යාව 8,058 කින් ඉහළ ගොස් ඇත.

ඊයේ 451,401 ක් ලෙස සටහන් වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව අද සවස සටහන් වුයේ 459,459 ක් වශයෙනි.

පසුගිය දිනවල රජයේ නිල සංඛ්‍යා ලේඛන වලට ඇතුළත් නො වූ 4,725  අද දහවල් එකතු කිරීම නිසා සාමස්ත ආසාදිත සංඛ්‍යාව 456,126 ක් දක්වා ඉහළ ගියේ ය.

අද දිනයේ අලුතින් හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 3,333 ක් රජය නිවේදනය කොට ඇත. ඒ අනුවැව දිනය අවසන් වනවිට 459,459 ක් සංඛ්‍යාව වාර්තා වී තිබේ.

අද රජය නිල වශයෙන් නිවේදනය කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 145 කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 9,051 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *