මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 450,000 ඉක්මවයි

මෙරටින් මේ දක්වා නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව අද 450,000 ඉක්මවා ගියේ ය.

අද රජය නිවේදනය කළ 3,646 ක නව ආසාදිත සංඛ්‍යාවත් සමග සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වුයේ 451,401 ක් වශයෙනි.

අද රජය නිල වශයෙන් නිවේදනය කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 202 කි.

ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9,806 ක්දක්ව ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *