වැඩබැරි ආණ්ඩුවට හදිසි නීතියෙන් කළ හැකි ඉටිගෙඩියක් නෑ – එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

 

විධායක බලය,පාර්ලිමේන්තුවේ අති බහුතරය හා සියලු රාජ්‍ය යාන්ත්‍රණය තිබියදී ජනතාවට අවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් හදිසි නීති විධි විධාන පැනවූවා නම් සතියක් ඇතුළත එහි ප්‍රතිඵල පෙන්විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

රට පාලනය කිරීමට අවශ්‍ය සියලූ බලතල තිබියදී ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සැපයීමට අපොහොසත් වූ රජයට දැන් හදිසි නීතිය පනවා කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැතැයි ද රුවන් විජයවර්ධන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

සියලු රාජ්‍ය බලයත් හදිසි නීති විධිවිධාන යටතේ වන රෙගුලාසිත් පනවාගෙන දැන් හැකිනම් කර පෙන්වන්නැයි රජයට විවෘත අභියෝගයක් කරන බවද විජයවර්ධන මහතා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේ පැවසූයේ පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක් අතරවාරයේදීය.

අංජුල මහික වීරරත්න

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *