අද කොවිඩ් මරණ 204 යි ; නව ආසාදිතයින් 3619 යි

කොවිඩ් ආසාදිත මරණ 204 ක් රජය අද නිල වශයෙන් තහවුරු කළේ ය.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9,604 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද අලුතින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3,619 කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 447,749 ක් වශයෙනි.

මේ අතර ලේඩි රිජ්වේ රෝහලේ ප්‍රත්කාර  ලැබූ ළමා කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 200 පමණ සිට 95 පමණ දක්වා අඩු වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වරයා ප්‍රකාශ කරයි. දිනපතා ඇතුළු වන සංඛ්‍යාව ද 30 – 40 පමණ සිට 10-15 පමණ දක්වා අඩු වී ඇතැයි කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *