වාණිජ බැංකුවල ඩොලරය රුපියල් 226 ට නිල වශයෙන් විකුණයි ; මහා බැංකුවේ මිලට ඩොලර් නෑ

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 204 ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව නියම කර ඇතත්,මෙරට පෞද්ගලික වාණිජ බැංකු අද ඩොලර් විකුකන ලද්දේ ඩොලරය රුපියල් 225 -226 මිල ගණන් යටතේ ය. ඒ බව එම බැංකුවල දැන්වීම් සහ වෙබ් අඩවි වල නිල වශයෙන් ප්‍රසිද්ධ කොට තිබිණි.

රජයේ බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව ඩොලරයේ වීකුනුම් මිල 204 ක් ලෙස ප්‍රදර්ශනය කොට තිබුන ද එම මිලට ඩොලර් අලෙවි කිරීමක් සිදු නොවූ බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *