අද නිල කොවිඩ් මරණ 215 යි ; ආසාදිතයින් 3828 යි

ආණ්ඩුව අද නිල වශයෙන් තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 215 කි.

ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9,400 ක් ලෙස සටහන් වෙයි.

අද නිල වශයෙන් වාර්තා කොට ඇති නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3,828 ක් වෙයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 444,130 ක් ලෙස සටහන් වී තිබේ.

පසුගිය සතියේ රට වසා තැබීමේ ප්‍රතිඵල වශයෙන් දෛනික මරණ සංඛ්‍යාවේ සහ ආසාදිත සංඛ්‍යාවේ ඉහළ යාම පාලනය වී ඇති බවත්, ආසාදිත සංඛ්‍යාවේ සුළු අඩුවීමක් පෙන්නුම් කරන බවත් සෞඛ්‍ය අංශ කියයි.

අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාවේ අඩුවීමක් ඇති බැවින් මරණ සංඛ්‍යාවේ ද අඩුවීමක් ඉදිරි දිනවල අපේක්ෂා කළ හැකි බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *