එජාප සභාපති වජිරගේ අද මාධ්‍ය හමුව නාරාහේන්පිට අභයාරාමයේ දී

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා අද නාරාහේන්පිට අභයාරාමයේ දී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබී ය.

වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කළ සහ අද ආණ්ඩුවේ විවේචකයකු වී සිටින මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැඩ වාසය කරන නාරාහේන්පිට අභයාරාමයේ දී එජාප සභාපතිවරයා මාධ්‍ය හමුවක් පැවැත්වීම වීශේෂත්වයකි. 2015 දී බලයෙන් පහ වීමෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය හමු පවත්වන ලද්දේ ද මෙම අභයාරාමයේ දී ය.

කොරෝනා ශීඝ්‍රයෙන් පැතිරෙමින් යන අවස්ථාවේ රට වසා තැබීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ මැදිහත්වීම ම විශාල පින්කමක් බව  වජිර අබේවර්ධන මහතා අභයාරාමයේ දී මෙම විශේෂ මාධ්‍ය හමුව අමතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

“එක්සත් ජාතික පක්ෂයට සැප්තැම්බර් 6 වෙනිදාට වසර 75 ක් පිරෙනවා. වසර 75 ක් පිරෙන මේ අවස්ථාවේ අපි ප්‍රධාන කාරණයක් කරනවා සැප්තැම්බර් 05 වෙනිදා සවස 05 ත් 06 ත් අතර වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා Zoom තාක්ෂණය, ෆෙස්බුක් ඇතුළු යූටියුබ් නාලිකා ද භාවිතා කරමින් මුළු මහත් ශ්‍රී ලංකාව පුරා වෙසෙන පාක්ෂිකයන්ටත්, පාක්ෂිකයන් නොවන විශේෂයෙන් අවුරුදු 16 ත් 35 ත් අතර තරුණ පරම්පරාවටත්, එක්සත් ජාතික පක්ෂයේ නව ගමන් මග පිළිබඳ පැහැදිළි කිරීමක් රනිල් වික්‍රමසිංහ නායකතුමා විසින් සිදු කරනවා” යි ද වජිර අබේවර්ධන මහතා එහි දී ප්‍රකාශ කළේ ය.

එජාපය පසුගිය වසර 75 ක් තුළ රටට කළ  සේවය පිලිබඳ දිගු ලිපියක් ද මෙහි දී මාධ්‍යයට නිකුත් කරනු ලැබී ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *