|

ආණ්ඩුවේ බඩු මිල පාලනය අතීසාරයට අමුඩ ගැසීමකි – සී ජේ අමරතුංග

මේ ආණ්ඩුව පැමිණි දා සිට ම බඩු මිල පිම්මේ ඉහළ  යන බව ඉතා පැහැදිලි කරුණකි. මේ වනවිට සහල්, සීනි, පරිප්පු, හාල් මැස්සන්, කරවල, එළවළු, ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලෙහි මිල පිම්මේ ඉහළ ගොසිනි. වසර දෙකකට පෙර රුපියල් 85 ට තිබු සීනි කිලෝව දැන් රුපියල් 220 කි. ලසන්ත අලගියවන්න ඇමතිවරයා කියා තිබුණේ එයට කරන්න දෙයක් නැති බව ය.

පසුගිය වසරේ මුල රුපියල් 135 ට තිබු මයිසුර් පරිප්පු කිලෝව රුපියල් 65 කට දෙන ලෙස පසුගිය 2020 අප්‍රේල් වල දී ජනාධිපතිතුමා නියෝග කළේ ය. එයින් සිදුවන පාඩුව පියවන ආකාරයක් කීවේ නැත. පරිප්පු වෙළෙඳපොළෙන්  අතුරුදන් වූ පසු එම පාලන මිල ඉවත් කළේ ය. ඊළඟට පරිප්පු 185 ට  ගියේ ය. දැන් ආණ්ඩුවේ සතොස පරිප්පු විකුනන්නේ රුපියල් 250 කට ය.

සැමන් කතාව ද ඒ සමාන ය. ජනාධිපති එදා නියෝග කළේ සැමන් ටින් එක රුපියල් 100 කට දෙන්න ය. පොඩි  සැමන් ටින් එක පසුගිය කාලයේ 220 ට ගියේ ය. ලොකු ටින් එකක් 350 කි. දැන් ඒ ගණනටත් සැමන් සොයා ගන්නට නැත.

සහල් මිල පාලනය කිරීම ගැන වරින් වර කියූ බයිලාවල කෙළවරක් නැත. සහල් මාෆියාව මට්ටු කරන්නට කියා හමුදා නිලධාරීන් පත්කර ගත්තේ ය. මාෆියාව මෙල්ල කරන්නට කියා ගිය හමුදා නිලධාරීන් සහල් වෙළෙඳපොළ වැඩ කෙරෙන හැටි ගැන ව්‍යාපාරිකයන්ගෙන් බණ අසා සියල්ල කකුල් දෙක අස්සේ ගහගෙන පැමිණියේ සෝවාන් වූ ආකාරයෙනි.

සහල් මිල පාලනය කිරීම ගැන වරින් වර කියූ බයිලාවල කෙළවරක් නැත. සහල් මාෆියාව මට්ටු කරන්නට කියා හමුදා නිලධාරීන් පත්කර ගත්තේ ය. මාෆියාව මෙල්ල කරන්නට කියා ගිය හමුදා නිලධාරීන් සහල් වෙළෙඳපොළ වැඩ කෙරෙන හැටි ගැන ව්‍යාපාරිකයන්ගෙන් බණ අසා සියල්ල කකුල් දෙක අස්සේ ගහගෙන පැමිණියේ සෝවාන් වූ ආකාරයෙනි.

ඊළඟට කීවේ මාස් කන්නයේ අස්වනු කැපෙන විට සහල් මිල අඩුවන බව යි. එහෙත් සිදුවුයේ මිල තවත් ඉහළ යාම යි. දැන් කියන්නේ ව්‍යාපාරිකයින් සහල් සඟවාගෙන සිටින බව යි.

සහල් වැඩි මිලට විකුනන්නේ එයට දඩය මදි නිසා යයි කියමින් එම දඩය රුපියල් 2,500 සිට ලක්ෂය දක්වා වැඩි කළේ ය. පකිස්ථානයෙන් සහල් ගෙන්වන්නට ද කටයුතු කළේ ය. එහෙත් සහල් මිල නම් එසේ ම ය.

හැම ආණ්ඩුවක් යටතේ ම බඩු මිල වැඩි වී ඇති බව ඇත්තක් වුව ද, මෑත කලීන මිල ඉහළ යාම් ඒ සියල්ල අභිබවා යන බව අවිවාදිත ය. ඒ බව වඩාත් හඬ නගා කියන්නෝ ආණ්ඩුවේ ම පාර්ශව කරුවෝ ය. නැතහොත් පාක්ෂිකයෝ ය. මේ වන විට ඒ බව නොකියන කෙනෙක් නැති තරම් ය.

ආණ්ඩුවත් රටත් මුහුණ දී තිබෙන ඇතැම් ප්‍රශ්න සම්බන්ධයෙන් වගකීම ආණ්ඩුවට පමණක් පැවරීම  වැරදි ය. කොවිඩ් වසංගතය යනු මුළු ලොව මුහුණ දුන් පොදු ප්‍රශ්නයකි. එයින් ආර්ථික පසුබෑමකට ලක් වන්නට බොහෝ රටවලට සිදුව ඇත. ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල ,ගෑස් මිල , කිරිපිටි මිල ඉහළ යාම දෙස ද, යථාර්ථවාදී ලෙස බැලිය යුතු ය. ඒ සියල්ල ඇත්ත නමුත් දැන් රට මුහුණ දී තිබෙන බඩු මිල ඉහළ යාමේ ප්‍රශ්නයේ වැඩි කොටස ආණ්ඩුවේ ම වැරදි ආර්ථික කළමනාකරණය බව ඉතා පැහැදිලි කරුණකි.

ආණ්ඩුව කරන කියන බොහෝ දෙයින් පැහැදිලි වන්නේ ආණ්ඩුව කරන, කරවන පිරිස පොලවේ පය ගසා සිටින පිරිසක් නොවන බව යි. ඔවුන් සිතන්නේ ආණ්ඩුවේ නියෝග මගින්, ගැසට් මගින්, මිල පාලනය මගින්, තහංචි මගින් සියල්ල තමන්ට ඕනෑ ලෙස මෙහෙයවිය හැකි බව යි. ඔවුන් ගැසට් පිට ගැසට් ගසන්නේ, තහංචි දමන්නේ, සහ වෙළෙඳුන්ට සහ ජනතාවට තග දමන්නේ ඒ අනුව ය.

ආණ්ඩුව කරන කියන බොහෝ දෙයින් පැහැදිලි වන්නේ ආණ්ඩුව කරන, කරවන පිරිස පොලවේ පය ගසා සිටින පිරිසක් නොවන බව යි. ඔවුන් සිතන්නේ ආණ්ඩුවේ නියෝග මගින්, ගැසට් මගින්, මිල පාලනය මගින්, තහංචි මගින් සියල්ල තමන්ට ඕනෑ ලෙස මෙහෙයවිය හැකි බව යි. ඔවුන් ගැසට් පිට ගැසට් ගසන්නේ, තහංචි දමන්නේ, සහ වෙළෙඳුන්ට සහ ජනතාවට තග දමන්නේ ඒ අනුව ය.

ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයට දායක වන ප්‍රධාන ස්ථානයක් විය යුතු ශ්‍රී ලංකා මහා බැංකුවේ ක්‍රියා කාරීත්වය මෙයට හොඳ උදාහරණයකි. ස්වාධීනව කටයුතු කළ යුතු බව කියතත්, මෙම ආයතනය දැන් ආණ්ඩුවේ වැරදි අභිබවමින් වැරදි කළමනාකරණයක යෙදෙමින් සිටින බව පෙනෙන්නට ඇත.

මුදල් පාලනය වෙනුවට පසුගිය වසර දෙක පුරා මෙම ආයතනය කළේ හැකිතාක් මුදල් අච්චු ගසමින් වියදම් කිරීම යි. රාජ්‍ය මුදල් කළමනාකරණය යනු මුදල් අච්චු ගසා වියදම් කිරීම නම් එයට මහ බැංකුවක් අවශ්‍ය ද යන්න ප්‍රශ්නයකි. කටුනායක ඇති මුද්‍රණාලය එයට ප්‍රමාණවත් ය.

මහ බැංකුව මෙම අපරාධය කරන්නේ කොවිඩ් නිසා අපගේ විදේශ ආදායම් ද අඩු වී තිබිය දී ය. මෙහි තේරුම නම් රුපියල දිගින් දිගට අවප්‍රමාණ වීම යි.

මහ බැංකුව දිගට ම කීවේ තත්ත්වය පාලනයට තමන්ට ක්‍රම සහ විධි ඇති බව යි. දැන් කරන්නේ ඩොලර් මිල ගැන, පොලිය ගැන බැංකුවලට නියෝග නිකුත් කිරීම යි. ප්‍රතිඵලය ඩොලර් නැති වීම යි. කළු කඩයේ ඩොලරය රුපියල් 240 දක්වා විවිධ මිල ගණන්වලට විකිණෙයි.

මහ බැංකුව දිගට ම කීවේ තත්ත්වය පාලනයට තමන්ට ක්‍රම සහ විධි ඇති බව යි. දැන් කරන්නේ ඩොලර් මිල ගැන, පොලිය ගැන බැංකුවලට නියෝග නිකුත් කිරීම යි. ප්‍රතිඵලය ඩොලර් නැති වීම යි. කළු කඩයේ ඩොලරය රුපියල් 240 දක්වා විවිධ මිල ගණන්වලට විකිණෙයි.

මුදල් අච්චු ගසමින් රුපියල බාල්දු කිරීමට මහ බැංකුව ම ක්‍රියා කරන විට තමන් සතුව ඩොලර් ඇති කිසිවෙක් අත්‍යවශ්‍ය කටයුත්තකට විනා රට තුළට ඩොලර් ගේන්නේ නැත. රටට ඩොලර නැති වන්නට එය ද හේතුවකි. මෙය අර්බුදයෙන් අර්බුදයට යාමකි. අද රට ඇත්තේ එවැනි බරපතළ අර්බුදයක ය.

මෙම අර්බුදයේ ප්‍රතිඵලය සියලු භාණ්ඩ මිල ඉහළ යාම යි. අප ආනයනය කරන සියලු භාණ්ඩවලට මෙය ඍජු ලෙස බලපායි. සීනි, කිරිපිටි, පොල්තෙල්, ඛනිජ තෙල්, කරවල, හාල් මැස්සන්, ගෑස්, බටර්, මාගරින් මෙන් ම තිරිගු පිටි මිල ද මෙතරම් ඉහළ යන්නේ එම හේතුව ද නිසා ය.

එමෙන් ම, වෙළෙඳපොළට මුදල් වැඩියෙන් නිකුත් කරන විට බඩු මිල ඉහළ යන බව සාමාන්‍ය සිද්ධාන්තයකි. ඒ අනුව ආනයනික භාණ්ඩ පමණක් නොව අනෙක් භාණ්ඩ මිල ද ඉහළ යයි.

බඩු මිල ඉහළ යාමට තවත් හේතුවක් නම් ඇතැම් භාණ්ඩ ආනයනය සීමා කිරීම යි. බඩ ඉරිඟු ආනයනය සීමා කළේ දේශීය නිෂ්පාදනය නංවන්නට කියා ය. තර්කය වුයේ දේශීය නිෂ්පාදනය වැඩි වූ විට මිල අඩුවන බව යි. නිෂ්පාදනය වැඩි වුණේ වත් මිල අඩු වුණේ වත් නැත. සිදුවුයේ කුකුළු කෑම මිලත්, එහි ප්‍රතිඵල ලෙස කුකුළු මස් සහ බිත්තර මිලත් ඉහළ යාම යි. එය වෙනත් භාණ්ඩ වල ද මිල ඉහළ යාමට හේතුවකි.

ආනයනය තහනම් කිරීමෙන් පසු කවුපි රුපියල් 650 දක්වාත්, මුන් ඇට රුපියල් 750 දක්වාත් මිල ඉහළ ගෙයේ ය. ඒවා සාමාන්‍ය ජනයාගේ පරිභෝජනයෙන් ඉවත් වී සුඛපභෝගී භාණ්ඩ බවට පත්ව ඇත. ප්‍රතිඵලය ලෙස සියලු ආදේශක ආහාර මිල ද ඉහළ යාම සාමාන්‍ය සංසිද්ධියකි.

ආනයනය තහනම් කිරීමෙන් පසු කවුපි රුපියල් 650 දක්වාත්, මුන් ඇට රුපියල් 750 දක්වාත් මිල ඉහළ ගෙයේ ය. ඒවා සාමාන්‍ය ජනයාගේ පරිභෝජනයෙන් ඉවත් වී සුඛපභෝගී භාණ්ඩ බවට පත්ව ඇත. ප්‍රතිඵලය ලෙස සියලු ආදේශක ආහාර මිල ද ඉහළ යාම සාමාන්‍ය සංසිද්ධියකි.

ආණ්ඩුව සහල් මිල පාලනය කරන්නට පාරම් බාන්නේ සියලු ආහාර ද්‍රව්‍ය මිල ඉහළ ගොස් තිබිය දී ය. සහල් මිලට ඍජු ලෙස බලපාන තිරිඟු පිටි සහ බේකරි නිෂ්පාදන මිල ද ඉහළ ගොසිනි. එසේ තිබිය දී, ආණ්ඩුව ගොවියාගෙන් වී මිලට ගන්නට යන්නේ පැරණි මිලට ය. ගොවියා එම මිලට වී දෙන්නට සුදානම් නැත. ආණ්ඩුවට වී දෙන්නේ නැතිනම් පොහොර සහනාධාරය දෙන්නේ නැතැයි තර්ජනය කරන්නට සිදු වුයේ ඒ නිසා ය.

ආණ්ඩුව මිල පාලනය කරන්නට ගිය විට ගොවීහු වී විකිණීමෙන් වැළකී සිටි බව පෙනෙන්නට තිබෙන්නේ විවෘත වෙළෙඳපොළේ සහල් හිග වීම නිසා ය. ටොන් ලක්ෂ තිහක් යයි ඇස්තමේන්තු කොට තිබු මාස් කන්නයේ වී අස්වැන්නට වෙච්ච දෙයක් නැත. ආණ්ඩුව කියන්නේ සහල් මාෆියාව වී සඟවා ඇති බව ය. ප්‍රශ්නය තිබෙන්නේ මෙතරම් විශාල අස්වැන්නක් කොපමණ කලක් සඟවාගෙන සිටින්න ද? ඒ කුමකට ද? යන්න පිළිබඳව ය. කවුරුන් හෝ මෙම වී මිල දී ගෙන ඇත්නම් එයට විශාල මුදලක් යට කොට තිබිය යුතු ය. එම මුදල් නිකරුනේ යට කොට තබන්නට කවුරුන්  හෝ ක්‍රියා කරනු ඇතැයි සිතිය නොහැකි ය.

සිතාගත හැකි එක ම දේ වන්නේ ආණ්ඩුවේ මිල පාලන උත්සාහය නිසා සහල් කළු කඩයක් නිර්මාණය වී තිබීම යි. එයට හේතුව සහල්වලට අද ඇති වටිනාකම ගෙවන්නට රජය සුදානම් නොවීම යි.

මෙහි ඇති අනෙක් ඛේදවාචකය නම් වී අලෙවි මණ්ඩලයක් පිහිටුවීමේ සහ වී මිල දී ගැනීමට ආණ්ඩුව මැදිහත් වීමේ අරමුණ ලෙස ප්‍රකාශ වුයේ ගොවියා වෙළෙඳ මාෆියාවෙන් බේරාගැනීම වීම යි. ගොවියාට සාධාරණ මිලක් දීම වීම යි.

දැන් අපට පෙනෙන්නේ ගොවියාගේ වී වලට නියම වටිනාකම නොදී පැහැර ගැනීමට ආණ්ඩුව සියලු බලය සහ සියලු උප්පරවැට්ටි යොදමින් සිටින ආකාරය යි.

මෙහි ඇති අනෙක් ඛේදවාචකය නම් වී අලෙවි මණ්ඩලයක් පිහිටුවීමේ සහ වී මිල දී ගැනීමට ආණ්ඩුව මැදිහත් වීමේ අරමුණ ලෙස ප්‍රකාශ වුයේ ගොවියා වෙළෙඳ මාෆියාවෙන් බේරාගැනීම වීම යි. ගොවියාට සාධාරණ මිලක් දීම වීම යි.

දැන් අපට පෙනෙන්නේ ගොවියාගේ වී වලට නියම වටිනාකම නොදී පැහැර ගැනීමට ආණ්ඩුව සියලු බලය සහ සියලු උප්පරවැට්ටි යොදමින් සිටින ආකාරය යි.

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේ සහතික මිලට ඉහළින් වී මිල දී නොගැනීමට මෝල් හිමියන් සමග ගිවිස ගෙන ඇති බව යි. එමෙන් ම, වී මිල දී ගැනීමට වෙළෙඳුන්ට බැංකු ණය දීම ද ආණ්ඩුව මැදිහත් වී නවතා දමා ඇත. ආණ්ඩුව මේ හදන්නේ ගොවියාගේ වී ටික බලය යොදා අඩු මිලට ගන්නට උත්සහ දැරීම නොවේ නම් වෙන කුමක් ද?

ගොවියාගේ වී වල සත්‍ය වටිනාකම ඉහළ ගියේ කෙලෙස ද? රජය මෙතෙක් දුන් සහතික මිල දැන් ඔවුන්ට ප්‍රමාණවත් නොවන්නේ ඇයි?

එම ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීම සඳහා දැනට අපේරටේ කෙරෙන කාබනික ගොවිතැනේ ආර්ථික විද්‍යාව මදක් සොයා බැලීම වැදගත් විය හැකි ය.

පළමුවෙන් කිව යුතු වන්නේ කාබනික ගොවිතැන අපේ රටට අලුත් දෙයක් නොවන බව සහ එය රජය දැන් කරන්නට යන විකාරය මෙන් නොව සැබෑ වුවමනාවකින් මහන්සියෙන් විධිමත් ව කරන්නක් බව යි. මෑතක හෙළි වූ සංඛ්‍යා අනුව මේ වනවිට අක්කර එක් ලක්ෂ අසු දහසක කාබනික කෘෂි කර්මය සිදුවන අතර වසරකට ඩොලර් මිලියන 400 ක් විදේශ විනිමයක් උපයයි.

මෙම කාබනික ගොවිතැනෙහි සහ විශේෂයෙන් කාබනික වී ගොවිතැන හරියට ම කරන උදවිය යොදාගන්නා සංකල්පයක් නම් “සීරෝ බජට්” යන්න යි. එනම් කිසිවක් පිටතින් මිල දී නොගැනීම යි. සියල්ල තමන් විසින් නිපදවා ගැනීම යි. පොහොර, කෘමි නාශක, වල් නාශක නැතහොත් එම ක්‍රමවේද ඔවුන්ගේ ය. කිසිදු වියදමක් නැත. “සීරෝ බජට්” කියන්නේ ඒකට ය.

දැන් කෙනෙකුට සිතෙන්නේ කිසිදු වියදමක් නැතිව නිපදවන මෙම සහල් අඩු මිලට දිය හැකි විය යුතු බව යි. කණගාටුවකට එය එසේ නොවේ. පසුගිය කාලයේ මෙම සහල් කිලෝවක් අලෙවි වුයේ රුපියල් 390 කට ය. සාමාන්‍යය තාක්ෂණයෙන් නිපදවන සහල් මිල මෙන් තුන් ගුණයකට ය. එමනිසා ඒවායේ අලෙවිය ඇත්තේ විදේශවල ය. නැතහොත් ඉහළ පන්තිකයින් අතර ය.

අප මතුකරන ප්‍රශ්නය වියදමක් නැතිව නිපදවන කාබනික සහලට මෙතරම් මිලක් නියම වන්නේ ඇයි? යන්න යි.

එහි දී තේරුම් ගත යුත්තේ එයට ප්‍රධාන යෙදවුම් දෙකක් ඇති බව යි. එනම්, ඉඩම සහ ශ්‍රමය යි.

ඉඩමට මිලක් ඇත. එය බිම් කුලිය යි. එය තීරණය වන්නේ එම ඉඩම යොදාගත හැකි ආර්ථික ප්‍රයෝජන අනුව ය.

අනෙක ශ්‍රමයේ මිල යි. යොදවන ලද ශ්‍රම ප්‍රමාණය සහ එය ප්‍රතිනිෂ්පදන වියදම ලෙස එය ගණන් බැලිය හැකි ය. එනම්, එම ශ්‍රමිකයා, මෙහිදී නම් ගොවියා, තම දරු පවුල රැකගෙන ජීවත්වීමට යන වියදම යි. එනම් ඔවුන්ගේ ජීවත් වීමේ වියදම යි.

මෙයින් පෙනෙන්නේ ගොවියාගේ ජීවත්වීමේ වියදම වැඩි වී ඇති විට එම වියදම ඔහුගේ නිෂ්පාදන සඳහා ලබාදිය යුතු බව යි.

මෙයින් පෙනෙන්නේ ගොවියාගේ ජීවත්වීමේ වියදම වැඩි වී ඇති විට එම වියදම ඔහුගේ නිෂ්පාදන සඳහා ලබාදිය යුතු බව යි.

ආණ්ඩුව වී ගොවියාට ලබා නොදෙන්න හදන්නේ සහ වෙළෙඳ පොළෙන්ගොවියාට ලැබී ඇත්තේ ගොවියාගේ ශ්‍රමයට ලැබිය යුතු එම සාධාරණ මිල යි.

ආණ්ඩුව දැන් තම උත්සාහය සාර්ථක කර ගැනීමට සියලු බලය සහ තහංචි යොදාගෙන ඇත. මෙහිදී ආණ්ඩුවට සාර්ථක විය හැක්කේ එක් කොන්දේසියක් ඉටු වුවහොත් පමණකි. එනම් ගොවියා තම ජීවන මට්ටම පහළ දමා ගැනීමට එකඟ වීම යි. ගොවියා මෙතෙක් පෙන්නුම් කොට ඇත්තේ තමන් එයට සුදානම් නැති බව යි. ආණ්ඩුව අසාර්ථක වී ඇත්තේ ඒ නිසා ය.

ආණ්ඩුව දැන්වත් තේරුම් ගත යුතු වන්නේ බඩු මිල පාලනය මෙහෙම කරන්න බැරි බව යි. එක් පැත්තකින් බඩු මිල ඉහළ යන ආර්ථික ක්‍රියාමාර්ග අත්තනෝමතික ලෙස ගනිමින්, අනෙක් අතින් තහංචි, මිල පාලන සහ තග දැමුවාට බඩු මිල පහත වැටෙන්නේ නැත. එයට වෙළෙඳපොළ හොඳින් තේරුම් ගෙන විද්‍යාත්මක ක්‍රියා මාර්ග ගත යුතු ය.

එසේ නොකර ආණ්ඩුව මේ කරන මිල පාලන උත්සාහයන් ගැන කිව හැක්කේ ඒවා අතීසාරයට අමුඩ ගැසීමක් පමණක් වන බව යි.

මිල පාලනය සඳහා හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට  ජනාධිපතිතුමා පියවර ගත්  බව මෙම ලිපිය පළ කිරීමට ප්‍රථම වාර්තා වී ය. එහි තේරුම නම් ආණ්ඩුව මෙතෙක් ගත් ක්‍රියා මාර්ග අසාර්ථක බව ආණ්ඩුව ම පිළිගෙන ඇති බව යි. කෙසේ වෙතත්, ජනාධිපතිගේ පිළිතුර වෙළෙඳ පොළ මත තව තවත් බලහත්කාරය මුදා හැරීම යි. එහි ප්‍රති විපාක ලෙස භාණ්ඩ හිග වීම, කළු කඩ ව්‍යාපාර වර්ධනය ආදිය දැක බලා ගැනීමට අපට හැකි වනු ඇත.

මිල පාලනය සඳහා හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට  ජනාධිපතිතුමා පියවර ගත්  බව මෙම ලිපිය පළ කිරීමට ප්‍රථම වාර්තා වී ය. එහි තේරුම නම් ආණ්ඩුව මෙතෙක් ගත් ක්‍රියා මාර්ග අසාර්ථක බව ආණ්ඩුව ම පිළිගෙන ඇති බව යි.

එම ඇතිවන තත්ත්වය ගැන විග්‍රහය පසුවට තබමු. එනමුත් කෙටියෙන් යමක් කියන්නේ නම් ආණ්ඩුව පත්ව ඇත්තේ කොහොල්ලෑ බබාට පහර දුන් හාවා ගේ තත්ත්වයට ය. ගහන ගහන පහරින් අත පය කොහොල්ලෑ  වල ඇලෙනවා මිස ගැලවීමක් නැත.

මේ යන මාර්ගයෙන් ආණ්ඩුවට ද ගැලවීමක් නැත.

සී ජේ අමරතුංග

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *