කොවිඩ් ආසාදිත සංඛ්‍යාවට 10,000 ක් අද එකතු කරයි ; වැඩි ම මරණ වාර්තාවත් අද

මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව පිලිබඳ නිල වාර්තාවට ආසාදිතයින් 9,911 ක සංඛ්‍යාවක් අද දිනය තුළ එකතු කරනු ලැබී ය.

ඒ අනුව ඊයේ දිනය අවසානයේ 426,169 ක් වශයෙන් පැවති සමස්ත ආසාදිත සංඛ්‍යාව අද දිනය අවසානයේ සටහන් වුයේ 436,081 ක් වශයෙනි.

අද දිනයේ අලුතින් සොයාගත් ආසාදිතයින් 4,562 ක සංඛ්‍යාවට අමතරව පසුගිය දිනවල එකතු කිරීමට අත පසු වී තිබු බව කියන 5,350 ක සංඛ්‍යාවක් ද අද දිනයේ එකතු කිරීමෙන් මෙම ඉහළ යාම සිදු වී තිබේ.

මෙතෙක් එක් දිනක වැඩි ම මරණ සංඛ්‍යාව වන 216ක් ද අද දිනයේ වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 8,991 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *