බඩු මිල පාලනයට ජනාධිපති හදිසි නීති පනවයි

වේගයෙන් ඉහළ යන බඩු මිල පාලනය කිරීමට මහජන ආරක්ෂක පනත හෙවත් හදිසි නීතියේ රෙගුලාසි කිහිපයක් අද රාත්‍රී සිට ක්‍රියාත්මක කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කොට ඇත.

සඟවා ඇති භාණ්ඩ ඇත අඩංගුවට ගැනීමට, මිල පාලනයට, සහ වැඩි මිලට විකුණන වෙළෙඳුන්ට එරෙහිව ක්‍රියා කිරීමට නිලධාරීන්ට බලය පැවරීමට මෙම රෙගුලාසි ක්‍රියාත්මක කළ බවව එම නිවේදනයේ දැක්වෙයි.

වී, සහල්, සීනී, ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැඟවීම්, අධික මිල ගණන් වලට අලෙවි කිරීම තහනම් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට මෙම හදිසි නීතී රෙගුලාසි ක්‍රියාත්මක කොට තිබේ

මෙම කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා අත්‍යවශ සේවා කොමසාරිස් ජනරාල්වරයා වශ්‍යයෙන් මේජර් ජනරාල් එම්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පත් කොට ඇත.

මහජන ආරක්‍ෂක පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අත්‍යවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීතී රෙගුලාසි මෙලෙස ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *