කිරුලපොන මැයි රැළියෙන් මහින්ද පිල දෙකඩ වෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කිරුලපොන මැයි දින රැලියේ සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ මහතාට පැවරීමත් ඔහු ශ්‍රීලනිප කඩා නව පක්ෂයක් හැදීමේ අදහස දැඩිව ප්‍රකාශ කිරීමත් සමග මහින්ද හිතවාදී කණ්ඩායම දෙපිලකට බෙදී ඇති බව වාර්තා වෙයි . මෙම බෙදීම සිදුව ඇත්තේ බැසිල් හිතවාදීන් හා ඔහුට විරුද්ධ පිරිස වශයෙනි .ඩලස් අලහප්පෙරුම , විමල් වීරවංශ ,මහින්දානන්ද අලුත්ගමගේ , දිනේෂ් ගුණවර්ධන ආදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් බොහෝදෙනකු බැසිල් විරෝදී ස්ථාවරයක් ගෙන ඇති බව වාර්තා වෙයි . වෙනම පක්ෂයක් ගොඩ නැගීමට කැමති පිරිසක්ද එයට බැසිල් ඉදිරිපත්වීමට විරුද්ධව ක්‍රියාකරන බව කියති .

මේ අතර බැසිල් විරෝදී කණ්ඩායමේ පිරිසක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග සබදතා පවත්වන බවද පක්ෂය කැඩීමේ බැසිල්ගේ වුවමනාව ඉටුවන ක්‍රියාමාර්ග නොගන්නැයි ඉල්ලීම් කොට ඇති බවද දන ගන්නට ඇත .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *