yukthiya

|

තටුවේ එල්ලි රට පනින ඔවුන් හා බෝට්ටුවෙන් ඉතාලි යන අපි – ධනනාත් ප්‍රනාන්දු

 

 

 

 

 

 

 

 

 

 

 

 

මා විදේශ රටක සංචාරය කළ අවස්ථාවක මට ඇෆ්ගනිස්තාන මිතුරකු හමුවුණා. ඒ වසර 5කට තරම් ඉහතදී. ඇෆ්ගනිස්තානය කොතරම් සුන්දර රටක්ද කියා ඔහු මට පැහැදිලි කළා. සංචාරයෙන් පසුව මාගේ මිතුරා කියූ දේ තහවුරු කර ගැනීමට මා “The kite runner” චිත්‍රපටය නැරඹුවා. මගේ මිතුරා තවමත් ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ ජීවත් වනවා. මේ දිනවල ඇෆ්ගනිස්තානයේ ඇති වී ඇති තත්ත්වය ගැන මාධ්‍ය මගින් දුටු මම‍, වහාම මාගේ මිතුරාගේ සහ ඔහුගේ පවුලේ සුවදුක් විමසමින් විද්‍යුත් ලිපියක් යැවුවා. මගේ ලිපියට ඔහු වචන තුනකින් පමණක් පිළිතුරු එවා තිබුණා. “මට සියල්ල නැතිවුණා” (I lost everything) යනුවෙන් පමණක් ඔහුගේ පණිවිඩයේ සටහන් වී තිබුණා.

එයින් මම තරමක් කම්පනයට පත් වුණා වගේම රටක පාලන ක්‍රමවේදය මාරු වීමෙන් මිනිසකුට තමන් සතු සියල්ල නැති වන්නේ කොහොමද කියල මම මොහොතකට හිතුවා. කාබුල් ගුවන් තොටුපොළෙන් මිනිසුන් ගුවන් යානාවක තටුවල එල්ලී පොරකමින් පිටත් වන අයුරු දුටු විට එය එසේ විය හැකි බවත් ඕනෑම පාලන තන්ත්‍රයක් ලබා ගන්නා තීරණ නිසා අපගේ ජීවිත කාලය පුරා මහන්සියෙන් හරි හම්බ කරගත් සෑම දෙයක්ම එක මොහොතකින් විනාශ විය හැකි බවත් මට මාගේ ඇෆ්ගනිස්තාන මිතුරාගේ පණිවිඩයත් සමග තරමක් තදින් දැනුණා. ඕනෑම රටක ආර්ථිකය සහ දේශපාලනය, සමාජීය ක්‍රමය සමග තදින් ගැට ගැසී පවතින්නක්. එය වෙන් කිරීම ඉතාම අපහසුයි. ඇෆ්ගන් වැසියන් සමහරක් පොරකමින් ජීවිතය පරදුවට තබමින් ඔවුන්ගේම රටින් පිටවීම පිටුපස ආගමික මෙන්ම විශාල ආර්ථික විද්‍යාත්මක කතාවකුත් තිබෙන බව අපි අමතක නොකළ යුතුයි.

ඕනෑම පාලන තන්ත්‍රයක් ලබා ගන්නා තීරණ නිසා අපගේ ජීවිත කාලය පුරා මහන්සියෙන් හරි හම්බ කරගත් සෑම දෙයක්ම එක මොහොතකින් විනාශ විය හැකි බවත් මට මාගේ ඇෆ්ගනිස්තාන මිතුරාගේ පණිවිඩයත් සමග තරමක් තදින් දැනුණා. ඕනෑම රටක ආර්ථිකය සහ දේශපාලනය, සමාජීය ක්‍රමය සමග තදින් ගැට ගැසී පවතින්නක්. එය වෙන් කිරීම ඉතාම අපහසුයි. ඇෆ්ගන් වැසියන් සමහරක් පොරකමින් ජීවිතය පරදුවට තබමින් ඔවුන්ගේම රටින් පිටවීම පිටුපස ආගමික මෙන්ම විශාල ආර්ථික විද්‍යාත්මක කතාවකුත් තිබෙන බව අපි අමතක නොකළ යුතුයි.

එම නිසා ශ්‍රී ලංකාවටත් ඇෆ්ගනිස්තානයෙන් ආර්ථිකය අතින් ඉගෙනීමට විශාල පාඩම් ගණනාවක්ම තිබෙනවා. ශ්‍රී ලංකාව මෙන්ම ඇෆ්ගනිස්තානයත් ස්වභාවික සම්පත් සැලකියයුතු තරම් ඇති රටක්. පතල් කර්මාන්තය මෙන්ම විශිෂ්ට ශිෂ්ටාචාරයක් ඔවුන්ට හිමියි. මගේ මිතුරාත් නිතරම ඇෆ්ගනිස්තානයේ අලංකාරය ගැන කතා කළේ මම ශ්‍රී ලංකාවේ සුන්දරත්වය කතා කළ විදිහටමයි.

නමුත් ආර්ථික සහ ආගමික සාධක මත ගොඩ නැගුණු ක්‍රමවේදය හැරුණු විට දශක ගණනාවක්ම ඔවුන්ගේ ආයතනික පද්ධතිය, සංවර්ධනයේ මූලික අඩිතාලම, නැත්තන් මිනිසුන්ට නිදහසේ ජීවත් වීමට සහ දියුණු වීමට ගැළපෙන ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට ඔවුන් අපොහොසත් වුණා. (building institutions) එහි ප්‍රතිඵලය මුළු ලෝකයම රූප රාමු මගින් තවමත් දකිමින් සිටිනවා.

බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාව “පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා!” කියමින් ගීත ගායනා කළාට, අපේ රටේ සංවර්ධනය මන්දගාමී වීම නිසා ශ්‍රී ලංකාවත් වෙනත් කෝණයකින් දශක ගණනාවක් තිස්සේ ආර්ථික වශයෙන් ගමන් කරන්නේ ඇෆ්ගනිස්තානය ගමන් කරන මාර්ගයේමයි. ශ්‍රී ලාංකිකයන් නීති විරෝධී ලෙස ඉතාලිය, ඔස්ට්‍රේලියාව වැනි රටවලට බෝට්ටු මගින් සහ ව්‍යාජ වීසා බලපත්‍ර හරහා යාමත්, ප්‍රධාන නගරවල හතු පිපෙන්නාක් මෙන් තිබෙන විදේශ අධ්‍යාපනය සඳහා ශ්‍රී ලාංකිකයන් පිටරට යවන කාර්යාලත් ගුවන් යානයක තටුවෙන් එල්ලී පිටරට යාමේ තවත් එක් පැතිකඩක් පමණයි.

දේශපාලන පාට පසෙකින් තැබූ විට පසුගිය දශක පහක කාලය ශ්‍රී ලංකාවේ එතරම් සාමකාමී වටපිටාවක් නොතිබූ බව අකැමැත්තෙන් වුණත් අප පිළිගත යුතුයි. 1981-1983 කලබලය, 1987-1989 කැරැල්ල, ඒ සමගම එක දිගට වසර 30ක් පැවැති ත්‍රස්තවාදී යුද්ධය, ඉන් පසුව නැවත ඇතිවුණු පාස්කු ප්‍රහාරය සහ ඒ අතර වාරයේදී දිගන, මහනුවර ප්‍රදේශ වල සහ දිවයිනේ විවිධ පළාත්වලින් ඇතිවූ විවිධ මතවාද සහ ආගමික කණ්ඩායම් මුල් කරගත් ගැටුම්වලින් පසුගිය දශක 5ම සම්පූර්ණයෙන් අඳුරු වී අවසන්. ඒ අර්ථයෙන් බැලූ විට විශාල චිත්‍රය තුළ ශ්‍රී ලංකාව තුළ ගැටුම් නොතිබූ දීර්ඝ කාලයක් නොතිබූ තරම්. එම තත්ත්වය ඇෆ්ගනිස්තානය තුළ තරම් දරුණු නොවූවත් අපගේ තත්ත්වයත් සාමකාමී නොවන බව රහසක් නොවේ. එයට මූලිකම හේතුව ඇෆ්ගනිස්තානයේ මෙන්ම ශ්‍රී ලංකාවේත් ඕනෑම කෙනෙකුට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසන සහ මහන්සි වී වැඩ කිරීමට ඉඩ සලසන පරිසරය සහ ආයතිනක පද්ධතිය සකස් නොවීමයි.

විශාල චිත්‍රය තුළ ශ්‍රී ලංකාව තුළ ගැටුම් නොතිබූ දීර්ඝ කාලයක් නොතිබූ තරම්. එම තත්ත්වය ඇෆ්ගනිස්තානය තුළ තරම් දරුණු නොවූවත් අපගේ තත්ත්වයත් සාමකාමී නොවන බව රහසක් නොවේ. එයට මූලිකම හේතුව ඇෆ්ගනිස්තානයේ මෙන්ම ශ්‍රී ලංකාවේත් ඕනෑම කෙනෙකුට නිදහසේ ජීවත් වීමට ඉඩ සලසන සහ මහන්සි වී වැඩ කිරීමට ඉඩ සලසන පරිසරය සහ ආයතිනක පද්ධතිය සකස් නොවීමයි.

මාගේ ඇෆ්ගනිස්තාන මිතුරා “මට සියල්ලම නැති වුණා” යනුවෙන් ප්‍රකාශ කළේ ඔවුන්ගේ රට තුළ පුද්ගල නිදහසට ඉඩක් නොතිබෙන නිසයි. පුද්ගලික නිදහස කියන්නේ මාධ්‍ය නිදහස, උද්ඝෝෂණ කිරීමට තියන නිදහස, කැමැති ආගමක් ඇදහීමට තිබෙන නිදහස වගේ මතුපිටින් පෙනන දේවල්වලින් ඔබ්බට ගිය ඉතාම ගැඹුරු දෙයක්. පුද්ගලික නිදහසේ මූලිකම අත්තිවාරම තමයි පුද්ගලයෙක්ට සාධාරණ ලෙස මුදල් ඉපැයීමට අවස්ථාව තිබීම සහ ඔහු උපයා ගත් දේපළ රජය මගින් හෝ වෙනත් ඕනෑම පාර්ශ්වයක් මගින් පැහැර නොගැනීමට තිබෙන අයිතියයි. එම අයිතිය පුද්ගලයෙක්ට ලැබෙන්නේ බාධාවකින් තොරව ඔහුට සිතන්නට ඉඩ තිබෙන, දත්ත,තොරතුරු සහ පවතින ක්‍රමයට අභියෝග කිරීමට ඉඩ දෙන පරිසරයක් තුළයි.

අප සරලව සිතුවහොත් සියවස් ගණනාවකට පෙර දෙවියන් සිටින්නේ උඩ නිසා කිසිවෙකුටත් උඩින් යා නොහැකි බව සමාජ සම්මතය වී තිබුණා. එම සම්මතය පැවැතුණේ රයිට් සහෝදරයන් ගුවන් යානය සාදන තුරුම පැවැතියත් එයට ඔවුන් දෙදෙනා අභියෝග කළ නිසා අද මුළු ලෝකයේම කොතරම් වෙනසක් වී ඇත් දැයි අපටම සිතා ගත හැකියි. ව්‍යාපාර වශයෙනුත් ජීවිතයේ ගුණාත්මක බවිනුත් ගුවන් යානය විශාල සේවය කර තිබෙන බව රහසක් නොවෙයි. වැදගත් වන්නේ වරදින්නට හෝ හරියන්නට සිතන්නට ඉඩ දීමයි. ගුවන් යානා සම්බන්ධව විශාල ආර්ථිකයක් බිහිවුණේ එම සිතීමේ නිදහස නිසයි. එම නිසා ඕනෑම ආර්ථිකය ඉදිරියට යාමට සිතීමේ නිදහස අනිවාර්යයෙන්ම පැවැතිය යුත්තක්. ඇෆ්ගන් වැසියන් දැනුවත්ව හෝ නොදැනුවත්ව රටින් පලා යන්නේ ඔවුන්ගේ සිතීමේ සහ ජීවිතයේ නිදහසට සිදුවන වෙනස පිළිබඳව ඔවුන්ට දැනෙන හැඟීම අනුවයි.

අප සරලව සිතුවහොත් සියවස් ගණනාවකට පෙර දෙවියන් සිටින්නේ උඩ නිසා කිසිවෙකුටත් උඩින් යා නොහැකි බව සමාජ සම්මතය වී තිබුණා. එම සම්මතය පැවැතුණේ රයිට් සහෝදරයන් ගුවන් යානය සාදන තුරුම පැවැතියත් එයට ඔවුන් දෙදෙනා අභියෝග කළ නිසා අද මුළු ලෝකයේම කොතරම් වෙනසක් වී ඇත් දැයි අපටම සිතා ගත හැකියි. ව්‍යාපාර වශයෙනුත් ජීවිතයේ ගුණාත්මක බවිනුත් ගුවන් යානය විශාල සේවය කර තිබෙන බව රහසක් නොවෙයි. වැදගත් වන්නේ වරදින්නට හෝ හරියන්නට සිතන්නට ඉඩ දීමයි.

ශ්‍රී ලංකාවේත් ආර්ථික නිදහස සහ ජනතාවට ආදායම් උපයා ගැනීමට, උපයාගන්න දේපොළ සහ ධනය ආරක්ෂා කර ගැනීමට, පහසුවෙන් ජීවත් වීමට අවශ්‍ය වටපිටාව තවම සකස් වී නෑ.

ශ්‍රී ලංකාවේ කවුරුත් අපගේ දේපොළ පැහැර නොගන්නා බවට පෙනුණත් ඉතා විශාල ලෙස එලෙස දේපොළ සහ සාමාන්‍ය මිනිසුන්ගේ ධනය පැහැර ගැනීම් සිදුවන්නේ අපට නොදැනීමයි. ශ්‍රී ලංකාවේ සම්පත්වලින් වැඩිම ප්‍රමාණයක් පාලනය කරන්නේ දේශපාලනික වශයෙන් සබඳකම් ඇති සීමිත පිරිසක් පමණක් වීම නිසා නිසා ශ්‍රී ලංකාව තවම ඇෆ්ගනිස්තානයක් නොවුණත් රටවල් දෙකම සිටින්නේ එකම ගමන් මාර්ගයක සංධිස්ථාන දෙකක පමණයි. ඇෆ්ගනිස්තානයේ දේපොළ පැහැර ගැනීම් තුවක්කු බටයකින් සිදුවන අතර ශ්‍රී ලංකාවේ බොහෝ විට එය සිදුවන්නේ වායු සමනය කළ කාමරවල සහ රජයේ නිලධාරීන්ගේ කාර්යාලවලයි.

ඒවගේම ලංකාවේ ඕනෑම දෙයක් කර ගැනීමට එම ස්ථානයේ දන්නා හඳුනන කෙනෙක් සිටිය යුතුයි. බොහෝ විට එය දේශපාලන සම්බන්ධයක් විය යුතුයි. රැකියා ලබා ගැනීමට, ව්‍යාපාර කිරීමට, පාසලකට දරුවෙකු ඇතුළත් කිරීමට, රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට, නිවසක් සෑදීමට හෝ ඕනෑම ඉදිකිරීමක සැලසුම අනුමත කර ගැනීමට, බැංකුවකින් ණයක් ලබා ගැනීමට, අවසානයේ මරණ සහතිකය සහ අදාහනය සඳහා කනත්ත වෙන්කිරීම දක්වා යමක් පහසුවෙන් කර ගැනීමට දේශපාලන බලයක් හෝ දන්නා හඳුනන කෙනෙක් හෝ සන්තෝසමක් දීම අනිවාර්යයි. සාමාන්‍ය කටවහරේ කියන්නේ දෙවියන්ට පූජාවට්ටිය පූජා කිරීමටත් කපු මහතා දැන ඇදින ගත යුතු බවයි. ඇෆ්ගනිස්තානයේ තරම් ලංකාවේ ප්‍රචණ්ඩත්වයක් නොතිබුණත් පුද්ගලයකුගේ නිදහසට එයින් සිදු කරන බලපෑම එක හා සමානයි.

මෙහි අනිත් කොටස ආනයන සීමා මගින් ජනතාවට ඔවුන්ගේ සිහින හඹා යාමට යොදා ඇති බාධවනුයි. “අපිට මෙතරම් වාහන අවශ්‍යද?” වැනි ප්‍රශ්නයක් ඇසීම පහසු වුණත් කුඩා කාලයේ සිටන් වාහනයක් ගැනීමට සිහින දකින තරුණයෙක්ට එම සිහින සැබෑ කර ගැනීමට රජය මගින් අවස්ථාව අහිමි කිරීම හෝ ඒ සඳහා අසාධාරණ බද්දක් ගැනීම වැනි හේතු බොහෝ තරුණයන්ට නොදැනුවත්වම ඔවුන්ට ශ්‍රී ලංකාව එපා කිරීමට එක හේතුවක්.

මෙහි අනිත් කොටස ආනයන සීමා මගින් ජනතාවට ඔවුන්ගේ සිහින හඹා යාමට යොදා ඇති බාධවනුයි. “අපිට මෙතරම් වාහන අවශ්‍යද?” වැනි ප්‍රශ්නයක් ඇසීම පහසු වුණත් කුඩා කාලයේ සිටන් වාහනයක් ගැනීමට සිහින දකින තරුණයෙක්ට එම සිහින සැබෑ කර ගැනීමට රජය මගින් අවස්ථාව අහිමි කිරීම හෝ ඒ සඳහා අසාධාරණ බද්දක් ගැනීම වැනි හේතු බොහෝ තරුණයන්ට නොදැනුවත්වම ඔවුන්ට ශ්‍රී ලංකාව එපා කිරීමට එක හේතුවක්.

රටවල්වල පාලන ක්‍රම මිනිසුන්ගේ ධනය සූරාකන තවත් ප්‍රබලම ක්‍රමයක් වන්නේ ඔවුන්ගේ මහ බැංකු හරහා මුදල් පද්ධතිය මගින් ජනතාවගේ සල්ලි සූරා කෑමයි. අනවශ්‍ය ලෙස මුදල් අච්චු ගැසීමෙන් ජනතාව උපයන මුදල්වල වටිනාකම අඩු කිරීම ගැන ජනතාවටත් එතරම්ම අවබෝධයක් නෑ. කිසියම් පුද්ගලයකුගේ වාර්ෂික ආදායම රු. 100,000ක් නම් ඊළඟ වසරේ ඔහුගේ ආදායම වෙනස් නොවන්නේ නම් එහෙත් උද්ධමනය 7%ක අගයක පවතින්නේ නම් එහි තේරුම අදාළ පුද්ගලයාගේ ආදායම් දැන් රුපියල් 93,000 දක්වා පහත වැටී ඇති බවයි. පැවැති සෑම පාලන ක්‍රමයක්ම නිසි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය නොකිරීමෙන් එලෙස අප සැමගේ මුදල් විශාල ලෙස සූරා කනු ලැබුවා.

මාගේ මිතුරාගේ වචන වලින්ම “අපිට ඇති සියලුම නැති කිරීමට” රටක මූල්‍ය පද්ධතියට පුළුවන්. ඇෆ්ගනිස්තානයේ මෙන් ප්‍රචණ්ඩකාරී ලෙස නොවුණත් නිතරම ජනතාව ජීවත් වීමට අපහසු බව පවසන්නේත් වෙනත් රටවල්වලට යාමට ඔවුන් විශාල කැමැත්තක් දක්වන්නේත් එකම හේතුව නිසායි. වෙළෙඳපොළ ක්‍රමයක වැදගත්ම සාධකයනම් බලපෑම එල්ල වන්නේ කවර ක්‍රමයකින් වුවත් ප්‍රතිඵල එකම වීමයි. එලෙස තම රටවල් වලින් පලා යන බොහෝ දෙනා, ස්ථාවර මුදල් ඒකක තිබෙන, සමාජයේ සෑම ජන කොටසකටම පිළිගැනීමක් තිබෙන රටවල් සඳහා නීත්‍යනුකූල ක්‍රමයෙන් හෝ හොර පාරෙන් යන්නට උත්සහ කරන්නේ එකම හේතු මාලාව නිසාමයි.

රටක අධිකරණ පද්ධතිය ස්වාධීන වීමත් ජනතාව මත පාලන ක්‍රමය පිළිබඳ විශ්වාසයක් ඇතිවීමට විශාල බලපෑමක් එල්ල කරනු ලබනවා. රටේ අධිකරණ පද්ධතියේ ඇති විශාල අඩුපාඩු සහ තමාට අසාධාරණයක් වූ විට තමාට සාධාරණයක් ඉටු වේවිදැයි යන විශ්වාසය පලුදු වීමත් මිනිසුන් ගුවන් යානයක තටුවේ හෝ එල්ලී යාමට උත්සාහ කිරීමේ තවත් එක පැති කඩක්.

අප ඇෆ්ගනිස්තානයෙන් ඉගෙන ගත යුතු අනෙක් විශාල පාඩමනම් අපේ රටේ සැමට ජීවත් විය හැකි, ආර්ථික වශයෙන් දියුණු විය හැකි සමාජ වටපිටාවක් සාදා ගැනීම ලෝකයේ වෙනත් සුපිරි බලවත් රටවලට අප වෙනුවෙන් සිදු කර දිය නොහැකි බවයි. වසර විස්සක් ඇමරිකා එක්සත් ජනපදය විවිධ දේශපාලන ආර්ථික හේතු සහිතව එය උත්සහ කළත් එය සාර්ථක නොවන බව යළිත් පසක් වුණා. එම නිසා ඇමරිකාවේ හෝ චීනයේ උදව් මත අපගේ ආර්ථිකය සහ රට ගොඩ එනු ඇතැයි විශ්වාස කිරීම දූරදර්ශී නොවන බවත් අපට ඇෆ්ගනිස්තානයෙන් ඉගෙන ගැනීමට පුළුවන්.

ඇෆ්ගනිස්තානයෙන් ඉගෙන ගත යුතු අනෙක් විශාල පාඩමනම් අපේ රටේ සැමට ජීවත් විය හැකි, ආර්ථික වශයෙන් දියුණු විය හැකි සමාජ වටපිටාවක් සාදා ගැනීම ලෝකයේ වෙනත් සුපිරි බලවත් රටවලට අප වෙනුවෙන් සිදු කර දිය නොහැකි බවයි. වසර විස්සක් ඇමරිකා එක්සත් ජනපදය විවිධ දේශපාලන ආර්ථික හේතු සහිතව එය උත්සහ කළත් එය සාර්ථක නොවන බව යළිත් පසක් වුණා. එම නිසා ඇමරිකාවේ හෝ චීනයේ උදව් මත අපගේ ආර්ථිකය සහ රට ගොඩ එනු ඇතැයි විශ්වාස කිරීම දූරදර්ශී නොවන බවත් අපට ඇෆ්ගනිස්තානයෙන් ඉගෙන ගැනීමට පුළුවන්.

පසුගිය දිනවල සමාජ මාධ්‍යවල විශාල ලෙස හුවමාරු වුණු පින්තුරයක් තිබුණා. ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් බලපත්‍රයක් සහිතව සිය දියණිය පළකළ පින්තූරය මත ඇයගේ මව සටහන් කළ වාක්‍යයි. “අපිට අපේ දුවට ජීවත් වෙන්න පුළුවන් රටක් අවුරුදු ගාණක් මහන්සි වුණත් අපිට හදා ගන්න බැරි වුණා. අපේ දුවව වෙන රටකට යවන එක තමයි අපිට දුවට දෙමව්පියන් විදියට දෙන්න පුළුවන් හොඳම තෑග්ග” කියල එහි සටහන් කර තිබුණා. මට ආයෙමත් මගේ ඇෆ්ගනිස්තාන යාළුවාගේ පිළිතුර මතක් වුණා. “මට සියල්ල නැතිවුණා” (I lost everything).

ධනනාත් ප්‍රනාන්දු

ප්‍රධාන මෙහෙයුම් නිලධාරී

අඩ්වොකාටා ආයතනය

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *