නිල කොවිඩ් වාර්තා : අදත් මරණ 212 යි ; ආසාදිතයින් 4596 යි

රජය නිකුත් කරන නිල වාර්තා අනුව අද දින තහවුරු කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 212 කි.

ඒ අනුව මෙරටින් වාර්තා කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 8,583 ක් ලෙස නිල වාර්තාවල සටහන් වෙයි.

රජයේ වාර්තා අනුව අද දිනයේ අලුතින් හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 4,596 කි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 421,557 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *