ශ්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය : අතීතය , වර්තමානය සහ අනාගතය-අනුර විජේපාල ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති

ලංකා විදුලිබල මණ්ඩලයට මේ සාකච්ඡාවට ආරාධනය කිරීම ගැන ප්‍රථමයෙන් ම වානීජ මණ්ඩලයට මගේ ස්තූතිය පිරිනමන්නට කැමති ය. මට දී තිබෙන මාතෘකාව වන්නේ ලංකාවේ විදුලි උත්පාදනයට අඩංගු වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡා කිරීමට ය. ශ්‍රි ලංකාවේ විදුලිබල පද්ධතිය දෙස බැලුවොත් අප පදනම් වී තිබෙන්නේ පුනර්ජනනීය බලශකිත ය මත ය. විශේෂයෙන් ම ඉංජිනේරු විමලසුරේන්ද්‍ර මහතාගේ උත්සහාය මත විශාල වශයෙන් ස්වයංපෝශිත ජල විදුලිය මත 1990 ගණන් වන තුරු ප්‍රධාන වශයෙන් අපි පදනම් වූයෙමු. ඉන් පසුව ඇතිවූ අමාරු කාලය තුළ ඩීසල් විදුලි ජනනය අපගේ විදුලිබල පද්ධතියට එක්විය. ඒ තුලින් අප රටේ වැඩි වන විදුලිබල ඉල්ලුම සපුරා ගැනීමට අපිට හැකිවි ය.
1990 ගණන වල මැද භාගයෙන් පසුව අපගේ ප්‍රධාන ජල විදුලි ධාරිතාවය අවසන්වී ඇති බව අපි දැන ගතිමු. ඒ නිසා අපිට තාප බලශක්තියට යන්නට බලකෙරුනි. ඒ හේතුවෙන් ඩීසල් තාක්ෂණය පදනම් කරගත් බලාගාරවලට යෑමට සිදුවිය. මේකේ වාසි සහ අවාසි තියෙන නමුත් මේ අවස්ථාවේ ඒ ගැන වැඩි විස්තර කිරීමකට මා යන්නේ නැත. 1990 මැද භාගයේ දී ම කුඩා ජලවිදුලි ව්‍යාපෘති හා කුඩා බලශක්ති කර්මාන්තය අපි ආරම්භ කළෙමු. ගිවිසුම් ඇතිකර ගැණීමට අදාළව සම්ප්‍රධායික නොවන පුණර්ජනනීය බලශක්ති ජනන ව්‍යාපෘතිවල තිබිය යුතු ගුණාත්මක තත්ත්වය ගැන විදුලි බලමණ්ඩලය වැදගත් ලියවිල්ලක් මේ කාලයේ ඉදිරිපත් කළේ ය එය ඉදිරිපත් කළේ මේ රටේ පුනර්ජනනීය බලශක්තිය නිපදවීම සම්බන්ධයෙන් ගිවිසුම් ඇති කරගැනීමේ පහසුව තකා ය. එසේ නොවූයේ මේ සඳහා අවශ්‍ය වන්නා වූ මූල්‍ය හා බැංකු කටයුතු කර ගන්නට ලැබෙන්නේ නැත. එහි ප්‍රතිඵලයක් ලෙස අද මෙගාවෝට් 450 කට කිට්ටු, සාර්ථකව ක්‍රියාත්මක වන එන් සී ආර් ව්‍යාපෘති ප්‍රමාණයක් අද අපිට තිබේ. එය ඉතා සාර්ථව සම්බන්ධ කීරීමේන් අද අපි පවත්වාගෙන යන අතර එම ව්‍යාපෘති අපිට දක්වා ඇති උපකාරයට අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙමු.
පෙර මා කියූ හේතුව නිසා ජලවිදුලිය පදනම් කරගත් ක්‍රමයේ සිට තාප බලශක්ති ක්‍රමයට මාරුවීමට මෑත කාලයේ අපිට බලකෙරී තිබේ. අපගේ ක්‍රමය කොහොමද, අපේ ක්‍රමය ඉදිරියට යන්නට සැළසුම් කරන්නේ මොන ආකාරයට ද යන කොරතුරු දැන් අපිට ඉදිරිපත් කළ හැක. මේ සටහනේ මා පෙන්වන්නේ ඉල්ලුමේ උපරිම අවස්ථාවේ දී අපගේ විදුලිබලය ගබඩා කරගත හැකි ධාරිතාවය වේ. මෙහිදි අපගේ විදුලිය ගබඩා ධාරිතාවය 4000 බව පෙන්වා දී තිබේ. ඉල්ලුමෙහි උපරිම අවස්ථාවේ දි ඇතිවන මෙගාවෝට්ස් 4300 කිට්ටු බලශක්ති ප්‍රමාණයක් පහසුවෙන් කළමණාකරනය කළ හැකි බව දේශපාලනඥයින් ඇතුලු වැඩි දෙනා පවසති. නමුත් අපිට තිබෙන නොයෙකුත් සීමාවන්, ඇති ජල ප්‍රමාණය හා ජල කළමනාකරණය යන වාද කරුණු හේතු කොටගෙන ඒ කියන ආකාරයට කළමණාකරනය කළ නොහැකි තත්ත්වයක් තිබේ. මේ දකුණු පැත්තේ සටහන බැලීමේ දී එය වානීජ මණ්ඩලයට ඉතාමත් ආකර්ශනීය විය හැක. මක්නිසාද යත් එය දළජාතික නිෂ්පාදනය හා විදුලි ඉල්ලුමේ වැඩිවීම අතර කිට්ටු සම්බන්ධතාවයක් ඇති බව එයින් පෙන්නුම් කරයි. මේ සටහනෙන් පෙන්නුම් කරන්නේ අර්ථිකයේ අර්බුධයක් ඇති විට නොයෙක් හේතුන් නිසා දළජාතික නිෂ්පාදනය පහළ අගයක් ගැනීම ය. ඒ හේතුන් නිසාම විදුලිබල ඉල්ලුමත් ඒ සමගම පහළ වැටේ. අනික් අතට අපගේ ආර්ථික ක්‍රමයේ අර්බුධයක් තිබෙන්නේ නම් අපිට ඉල්ලුම නිර්මාණය කළ නොහැක. මොන හේතුවක් නිසා හෝ විදුලිය අපිට කපන්නට වෙනවා නම් එය දළ දෙද්ශිය නිෂ්පාදනයට එකසේ බලපා තිබේ. මේ දෙක අතර ඉතාමත් කිට්ටු අන්තර් සම්බන්ධතාවයක් පැවතී ඇත. නමුත් මැතක සිට මේක ප්‍රතිවිරුද්ද දිසාවට ගමන්කර තිබේ. මේකට ආචාර්ය තිලක් සියඹලාපිටිය ඉතා හොඳ අර්ථකතනයක් දෙනු ඇත. දැන් අපගේ සේවා අංශය ඉතා ශක්තිමත් ය. කෙසේ නමුත් මෙම පෙර ඉතා කිට්ටු සම්බන්ධතාවයක් තිබුණු උක්ත පරාමිතීන් දෙකේ ඉතා වැදගත් වෙනසක් සිදුවී තිබේ.
අපේ රටේ ඒක පුද්ගල විදුලි පරිභොජනය දෙස අපි බැලුවොත්, මිනිසුන්ගේ බලශක්ති ඉල්ලීම කළමණාකරනය කිරීමේ අපහසුවක් විදුලිබල මණ්ඩලයට ඇති බව පෙනේ. ඒ නිසා විදුලිය අර පරිස්සමින් පාවිච්චි කරන ලෙස නිතරම ඉල්ලා සිටීමට අපිට සිදුවී තිබේ. ඔවුන් එසේ නොකරන්නේ නම් විදුලිබල පද්ධතිය කළමණාකරනය කර ගැනීම ඉතා අපහසු ය. මේ රටේ ඒක පුද්ගල පරිභොජනය ඉතාමත් පහත මට්ටමක තියෙන්නේ. සිංගපූර්ව. මැලේසියා, වගේ රටවල් කලාපීය රටවල් සමග සංසන්දනය ගතහොත් එයලාගේ ඒක පුද්ගල විදුලි පරිබෝජනය ඉතා ඉහළ ය. මේක ගෘහස්ථ විදුලි පරිබෝජනය නොව සමස්ථ රටේ විදුලි පරිබෝජනය ජනතාවගෙන් බෙදීමේනුයි මේය ගණනය කරන්නේ. මේ සටහනෙන් පෙන්නුම් කරන්නේ අපගේ දෛනික පරිභෝජන ප්‍රමාණයේ නැමියාව ය. නමුත් මාර්තු මාසයේ අවසාන සතියේ අපගේ සවස උපරිම නැමියාව මෙගාවොස්ට්ස් 2350 ක් දක්වා ඉහළ ගියේ ය. ඒවගේම දහවල පාරිභෝගික ඉල්ලුම මොගාවොට්ස් 2100 කි. පද්ධතියම බිඳ වැටුණු කාලය තුළ ඉල්ලුම බරපලත විය. අපි පද්ධතිය කළමනාකරගත් ආකාරය මෙතන තිබේ. තාප බලාගාර, පෞද්ගළික බලාගාර, ජල විදුලිය, සොලා බලශක්තිය හා සුලං බලශක්තිය ඉතා සුළු වශයෙන් මේකට එකතු වියයුතු වේ. ඒ සියලුම ලබාගාරවල උපකාරය ලබාගෙන තමයි අපි එයට මුහුණ දුන්නේ.
අපගේ ජල විදුලි ධාරිතාවය වෙනත් රටවල් සමග සන්සන්දනය කිරීමේ ඉතා කුඩා ය. කෙසේ නමුත් අපගේ විදුලි බලය පදනම් වී ඇත්තේ 50%ක් පුනර්ජනනීය බලශක්තිය මතය. ඒ ගැන අපි සන්තෝශ වියයුතු ය. දි මෙහිදි ජල ජලවිදුලිය සඳහා යන වියදම ඉතා අඩුය. බලාගාර ගොඩනගා බෙහෝ කල්පසුවී ඇති හෙයින් මෙහි ස්ථාවර ප්‍රාග්ධනයට ගිය වියදම දැන් ලබාගෙන අවසන් නිසා පවත්වාගෙන යෑමේ වියදම පමණයි මේ සඳහා වැයවන්නේ. ඒ නිසා ජලවිදුලිබල ය සඳහා එක ඒකකයකට වැය වන්නේ රු 1.50ක් පමණි. ගල්අගුරු බලාගාර දිහා බැලුවොත් ගල් අගූරු මිල ඉතා අඩු නිසා වාසනාවට එයට ද එතරම් මිලක් යන්නේ නැත. ඒ විදුලිබල ඒකකයක් සඳහා යන වියදම රු6.60 පමණි. කුඩා ජල බලාගාර සහ සුලං බලශක්තිය වැනි පුනර්ජනනීය බලශක්තිය තුලින් ජනනය කරන විදුලි ඒකකයකයකට රු 17ක් පමණ වැයවේ. විදුලි බලමණ්ඩලයේ හා පෞද්ගලික ඪිසල් බලාගාරවලින් නිපදවන විදුලි ය ඉතා මිල අධිකය. මෙය ආරම්භ වූයේ 1990 දී පමණය. ඒ කාලයේ ඒ සඳහා විශාල මිලක් දැරීමට සිදුවිය. තවම එය ක්‍රියාත්මක වේ. තෙල්මිල ඉහළ නම් ඒ විදුලියට ඉහළ මිලක් ගෙවිමට සිදු වේ. මේ සඳහා අපි තෙල් ලබාගන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙනි.
ලංකා විදුලි බල මණ්ඩලයට අනාගතයේ මුහුණ දීමට ඇති අභියෝගය කුමක් ද යන්න මීලගට අපි බලමු. ඉදිරි වසරවල කොතරම් විදුලිය අවශ්‍ය වන්නේ ද යන්න පුරෝකථනයක් අපිට තිබිය යුතු වේ. මක් නිසා ද යත් ඒ ඇතිවිය හැකි විදුලිය ඉල්ලුම සපුරාලීමට අදාළ බලාගාර ස්ථාපිත කිරීමට කාලයක් ගතවේ. ගල් අගරු බලාගාර ස්ථාපිත කිරීමේ ආරම්භක අදහසේ සිට වසර 8ක් ගතවිය. සාම්පූර් ගල්අගරු බලාගාරය ට අවබෝධතා ගිවිසුම අත්සන් කළේ 2005දී වන අතර දැන් 2016 වී තිබේ. එය ගොඩනැගීමට වසර 8ක් ගතවී තිබේ. ඒ නිසා එන ඉදිරි වසරවලදී කොපමණ විදුලි ඉල්ලුමක් ඇතිවේද යන්න ගණනය කළයුතු වේ. එසේ කළහොත් අපිට අවශ්‍ය පියවරයන් කලින් ගතහැකි ය. අපේ ගණන් බැලීම අනුව සාමාණ්‍යයෙන් වර්ෂයකට 5%ක් පමණ විදුලිය ඉල්ලුම වැඩිවිය හැක.
අගමැතිවරයා සමග සාකච්ඡා කරනවිටමේ ගැන මම ඔහුට පැවසී ය. ඉතා කෝපයට පත් අගමැතිවරයා කිවේ අඩුම 10%ක් හෝ ඊට වඩා වැඩිය ඉල්ලුම වර්ධනය වන බව සළකා සැළසුම් කළ යුතු බව ය. ඔහු පැවසූවේ ඉදිරියේ දි කර්මාන්ත ඇතුළුව විශාල සංවරධනයක් සිදුවිමට නියමිත බැවින් වේගයෙන් විදුලි අවශ්‍යතාවය වැඩිවන බව ය. ඒ නිසා එයට විශාලව සැලසුම් කිරීමට සිදුවේ. මේ නිසා විකල්පයන් ගැන සළකා බැලීමට සිදුවේ. දැන් රටේ සාමයක් තිබේ. තිබෙන්නේ ද අළුත් ආණ්ඩුවකි. සංවර්ධන න්‍යාය පත්‍රයක් තිබෙන්නේ. ඒ නිසා කර්මාන්ත විශාල ප්‍රමාණයක් පැමිණීමට නියමිත ය. එයට අමතරව බොහෝ සේවාවන් ද පැමිණේ. ඒ අනුව විදුලි ඉල්ලුම වේගයෙන් වැඩිවන බව ඉතා පැහැදිළි ය.
මගේ කථාව සාරාංශ ගත කිරීමට කැමැත්තෙමි. මෙගාවෝට්ස් 1400ක් නිපදවන ජල විදුලි බලාගාර ලංකා විදුලිබල මණ්ඩලය සතුව ඇත. ඊට අමතරව මෙගාවොට්ස් 1500ක් නිපදවන තාප බලාගාර අප සතු ය. පෞද්ලික අංශයේ තාප බලාගාර වලින් මෙගාවෝට් 500 ක විදුලිය නිපදවේ. 150 මොගවොට්ස් ප්‍රමාණයක් තමයි සම්ප්‍රදායික නොවන බලශක්තිය තුලින් නිපදවන්නේ. මේ දෙවනුවට කි කුඩා ඒවාගෙන් වැඩ ප්‍රමානයක් පෞද්ගලික ඒවා වේ. ඉතාම කුඩා ඒවා ගැන අපේ අවධානයක් නැත. 124 මෙගාවොට්ස් ප්‍රමානයක් සුලං බලයෙන් නිපදවයි. මේ ක්‍රම ආශ්‍රයෙන් අර කී 10% සම්පූර්ණ කිරීම සඳහා හැකියාව වර්ධනය කරන්නේ කෙසේ ද යන්න සළකා බැලිය යුතුව ඇත.
මේ සටහනෙන් පෙන්වන්නේ අප රටේ පුනර්ජනීය බලශක්තිය පිළිබඳව ය. ඔබ ජාත්‍යාන්තර සම්මන්ත්‍රණවලට ගියොත් ගෝළීය උෂ්ණත්වය ගැන කථා කරනවා අසන්නට ලැබේ. ඒ ඒ රටවල් පරිසයට මුදාහරින කාබන් ප්‍රමාණය වගේ දේවල් පිළිබඳ අවධානය ඒවායේ දී යොමුවේ. ගෝලීය උණුසම පිළිබඳ වාද කරුණ ලෝකය තුළ අද විශාල ප්‍රශ්නයකි. මේක ලෝකයට ඉතා තර්ජනයකි. දැනට මුදා හැරිය හැකි අපද්‍රව්‍ය ප්‍රමාණය 220% නම්, මේ වන විට එය 400%කි. නමුත් ශ්‍රි ලංකාව පරිසරයට මුදාහරින අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු මට්ටමක පවති. මක්නිසා ද යත් 50%ක් පමන අප පදනම් වී ඇත්තේ පුනර්ජනනිය බලශක්තිය මතය.
2006 වන විට බලශක්තිය පිළිබඳ ප්‍රතිපත්තියක් බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළේ ය. මේ ප්‍රතිපත්තිය නිසා අපි බොහෝ දේ ළගාකරගන ඇති නමුත් මේ ඒ ගැන කථා කරන්නට අවස්ථාවක් නොවේ. එම ප්‍රතිපත්ති මත පිහිටා බලශක්තිය පාලනය කරන්නේ කෙසේද? මෙහෙයවන්නේ කොහොම ද යන කාරණා එහි ඇත. සියලු දේවල් ඉටුකරගැනීමට නොහැකි වූවත් ඒ ප්‍රතිපත්තිය මගින් හොඳ දේවල් කෙරී තිබේ. ශ්‍රි ලංකාවේ නිවාස වලින් 85%කට 2015 වන විට විදුලිය සැපයිය යුතු බව එම ප්‍රතිපත්තියේ සඳහන් වේ. ආණ්ඩුවේ සහ අමාත්‍යාංශයේ සහ රටේ ජනතාගේ සහයෝගය ඇතිව 2015 වන විට අපිට පුලවන් වුනා 98% විදුලිය සපයන්නට. මේක විශාල ඉටුකර ගැනීමකි. මේ රටේ බොහෝ දෙනෙකුගේ නිවෙස් වලට දැන් විදුලිය තිබේ.
මූලික වශයෙන් මේ ප්‍රතිපත්ති ලියැවිල්ලේ තිබෙන්නේ බලශක්ති අවශ්‍යතාවය පිළිබඳව ය. බලශක්තිය කියන්නෙ පුළුල් දෙයකි. එය විදුලිය පමණක් නොව එයට වඩා විශාල දෙයකි. අපිට බැලුවොත් විදුලිබල අවශ්‍යතාවය ගැන, ලංකා විදුලිබල මණ්ඩලය අනාගත විදුලිබල අවශ්‍යතාවය සපුරන්නේ කෙසේ ද යන්න පැහැදිළි කර ඇත. දිගුකාලීනව විදුලිය ව්‍යාප්ත කිරීමේ සටහනක් මෙහි ඇත. අපගේ දැණුම හා අනික් අයගේ දැණුම ද යොදාගෙන ආයතනවල ද සහයෝගය අරගෙන මේ රටේ නිතියට අනුකුළව මහජන ලියවිල්ලක් ලෙස මෙම ලියවිල්ල ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. බලශකිත්ය ව්‍යාප්ත කිරීමට ට අදාළව විවිධ අදහස් දැනටමත් පැමිණ ඇත. ඒවා මේකට ඇතලුකර නැවත සකස් කෙරෙනු ඇත. එය අවසාන ලියවිල්ල බවට පත් වූ පසු එය මහජනතාවට ප්‍රසිද්ධ කෙරෙනු ඇත. මේක දැනට අමාත්‍යාංශ මට්ටමේ සාකච්ඡා වෙමිනුයි පවතින්නේ.
අපේ සැලසුමක් තියෙනවා අතිරේක ව ප්‍රධාන තාප බලාගාරයක් ස්ථාපිත කිරීමට. මෙගවෝට් 250 බලාගාරයක් සාම්පූර්වල ස්ථාපිත වෙනු ඇත. තව මෙගාවොට් 300ක බලාගාරයක් ත්‍රි මගෙල් පිහිටුවීමට සැළසුම් කර තිබේ. අපිට අවශ්‍යයි අඩු වියදම් බලාගාර. ලංකා විදුලිබල මණඩලය ගල් අගුරු බලාගාරවලට නොයෑම යහපත් ය. මක් නිසා ද යත් එය ක්‍රියාත්මක කිරීම ඉතා දුෂ්කරය. පාරිසරික ප්‍රශ්න නිසා ඒකට අවසර ගන්නට ද අපහසු ය. ඒ නිසා අපි කැමතියි යන්නට තෙල්, ගැස් යනාදියට. මක්නිසා ද එය පිරිසිදු ය. ඒක පාලනය කරන්නට ඉතා පහසු ය. ඒක අද නතර කලොත් හෙට නැවත පණ ගැන්විය හැක. නමුත් ගල් අගුරු බලාගාර එසේ කළ නොහැක. අද එය නතර කලොත්, එය නැවත පණ ගන්වන්නට දින තුනක් පමණ ගතවේ. නමුත් තවම ඉතා අඩු මිලට විදුලිය සැපයිමට හැකිවන ආකාරයෙන් එය වර්ධණය කිරීමේ වගකීමක් අපගේ ඉංජිනේරුවන්ට සහ සැළසුම්කරුවන්ට ඇත. නැතිනම් වියදම් ඉහල ගොස් ඔබ වගේ බොහෝ දෙනෙක් කරදරයට පත් වෙන්නට පුළුවන.
තවත් ජලවිදුලි බලාගාර කිහිපයක දැනටමත් ගොඩ නැගෙමින් යන බව සඳහන් කළ යුතු ය. මොගාවෝට් 120 උමා ඔය, මෙගාවෝට් 35 බ්‍රොඞ්ලන්ඞ් සහ මෙගාවෝට්ස් 31 මොරගොල්ල යන ස්ථානවල බලාගාර දැනටමත් ගොඩනැගෙමින් පවති. මෙගාවොට්ස් 375 සුලං බලාගාරයක් මන්නාරමේ ස්ථාපිත කිරීමට අප සැලසුම්කර තිබේ. ඒක තවම තිබෙන්නේ යෝග්‍යතාවය සොයාබැළීමේ මට්ටමේ ය. ඒකට අවශ්‍ය ප්‍රතිපාදන සොයාගැනීමේ උත්සහායක අපි දැන් නිරත වි සිටිමු. මෙයට අමතරව ඉන්දියාව සහ ශ්‍රි ලංකාව අතර සාකච්ඡාවක් පවතිනවා විදුලිය ගැණිම සම්බන්ධයෙන්. සක්‍යතා අධ්‍යනයේ තිබෙන එය කෙරෙනවා ද නැති ද යන්න ඉදිරියේ දී තීරණය වේ. න්‍යෂ්ටික බලය ගැන අදහස ලඟ පාතක නැත.
කෙසේ නමුත් මගේ කතාව අවසන් කිරීමට ප්‍රථම ලංකාවේ විදුලිය සම්බන්ධයෙන් මිනිසුන්ගේ අපේක්ෂාව ගැනද සඳහකන් කලයුතුව ඇත. අද අපි එක සමාන බස් වල ගමන් කරන්නෙමු. මම පාසැල් ළමයෙක් ලෙස පාසැලට යන විට මගේ පාසැල් බසය අදත් ඒ වගේමය. එහි ප්‍රමාණය පමනක් නොව ආසන සංඛ්‍යාව ද එසේ මය. මම හිතන්නේ එය දැන් ටිකක් සැප පහසු නමුත් අපි නිවාඩුවට ගිය දුම්රිය පෙට්ටි ද ඒ වගේ ම ය. නමුත් මාධ්‍යවේදීන්, එසේ නැත්නම් නොයෙකුත් සංවිධාන මේවායේ පහසුකම් හා සේවාවන් වැඩිදියුණු කරන ලෙස ඉල්ලන්නේ නැත. නමුත් මේ රටේ විදුලිය ඒ අය යුරෝපය සමග සන්සන්දනය කරති. ඇයි එහෙම හිතන්නේ. මක්නිසා ද යත් ඒ අය විශ්වාස කරනවා විදුලිබල මණඩලයට ඒය කළහැකි බව. ඒ නිසා ජනතාව අපිට බලකරනවා. මම ඒ ගැන සතුටු වෙනවා. ඒක අපිට කරන්නට පුළුවන් පමණක් නොව ඒක අපි කරන්නවා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *