අද තවත් කොවිඩ් මරණ 214 ක් ; ආසාදිතයින් 4591 වාර්තා කරයි.

දිනක වැඩි ම කොවිඩ් මරණ වාර්තාව තවත් ඉහළ යවමින් අද දිනයේ රජය නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 214 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,371 ක් දක්වා ඉහළ ගියේ ය.

අද රජය වාර්තා කළ නව ආසාදිත සංඛ්‍යාව 4,591 කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 416,931 ක් ලෙස වාර්තා වෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *