උපරිම ප්‍රතිඵල ගන්න තව මාසයක් රට වහන්න – WHO විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක නිර්දේශයක්

කොවිඩ් මර්දනය සඳහා රට වැසීමෙන් උපරිම වාසි ගැනීමට නම් ඔක්තෝබර් මස දෙවැනි දා  දක්වා රට වසා තබන ලෙසත් , අඩුතරමින් සැප්තැම්බර් 18 දක්වා රට වසා තැබීමෙන් සැලකිය යුතු වාසියක් ලබාගත හැකි වන බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කැඳවන ලද ශ්‍රී ලංකික වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් රජයට නිර්දේශ කොට තිබේ.

ඔක්තෝබර් 2 දා දක්වා රට වසා  තැබීමෙන් මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 10,000 කින් අඩුකර ගත හැකි බවත්, සැප්තැම්බර් 18 දා දක්වා වසා තැබීමෙන් මරණ 7500ක් අඩුකරගත හැකි බවත් එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙරට මෙන් ම විදේශගතව සිටින ශ්‍රී ලාංකික විද්‍යාඥයින් කණ්ඩායමක් හවුල් කරගෙන මෙම අධ්‍යයනය සිදුකොට තිබේ. හොන්කොන් සරසවියේ මහාචාර්ය මලික් පීරිස් ,ශ්‍රී ජයවධනපුර සරසවියේ මහාචාර්ය නීලිකා මලවීර ඇතුළු විශේෂඥ කණ්ඩායමක් මෙයට සහභාගී වී ඇති අතර ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ දත්ත වීශ්ලේෂණ ක්‍රම ඉපයෝගී කරගෙන මෙම අධ්‍යයනය සිදුකොට තිබේ.

රට වැසීමෙන් ආර්ථිකයට වන හානිය ද මෙහි දී ගණන් බල ඇති අතර සැප්තැම්බර් 18 දක්වා වසා  තැබුව හොත් දළ ජාතික නිෂ්පාදිතය සියයට 1.9 කින් ද ඔක්තෝබර් 2 දක්වා වසා  තැබීමෙන් සියයට 2.2 කින් පහත වැටෙන බවත් ගණන් බලා තිබේ.

කෙසේ වෙතත්, රට වැසීමෙන් ඉක්මනින්රට යථා තත්ත්වයට පත්වීමෙන් පසු වඩා වේගයෙන් නැවත ආර්ථිකය වර්ධනය විය හැකි බව එම අධ්‍යයනයෙන් පෙන්වා දී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *