වැටුප් පරිත්‍යාගය  – අනුර කේ එදිරිසූරිය 

 

මාසයක වැටුප් පරිත්‍යාග කිරීම මේදවස්වල ජීවන වියදමටත් ඉහළින් යන මාතෘකාවකි. කැබිනට් මණ්ඩලය එක් මසක වැටුප පරිත්‍යාග කරන්නට එකපයින්ම සූදානම්ය. ශ්‍රීලනිපයේ දාහතරකින් යුතු මන්ත්‍රී කට්ටලය රුපියල්  ලක්ෂය බැගින් සභාපති සිරිසේනට බාර දෙනු ප්‍රවෘත්ති විකාශවල  පෙනුණි. රාජ්‍ය ඇමැති කෙනෙක් කියනු පෙනුණේ අප්පොච්චියේ මටනම් දෙන්න බැරියෝ පඩියම ණයට කැපෙනවා යනුවෙනි. ඩිලානුත් මුළුමනින්ම නොව අඩක් දෙන්නට සූදානම්ය. සමගි ජන බලවේගය කියන්නේ දැනටමත් මන්ත්‍රී වැටුප රෝහල්වලට පරිත්‍යාග කරමින් සිටිනබවය.පක්ෂ විපක්ෂ ඇතැම් මන්ත්‍රීවරු තවමත් නිහඬතාවේය. අපට ඇති ගැටලුව මසක වැටුප පරිත්‍යාග කිරීමෙන් ගැටලුවට විසඳුම් ලැබේද යන්නය.

කොවිඩ් තත්ත්වය නිසා රටේ රෝහල් පද්ධතියත් ආර්ථිකයත් අඩාලවී තිබේය යනු නිතර ඇසෙන කියුමකි.ඇත්තෙන්ම කිය යුත්තේ කොවිඩ් නිසා ආර්ථිකයත් රෝහල් පද්ධතියත් වඩාත් අඩාල වූයේය නැතිනම් කබලෙනුත් ලිපටම වැටුණේය කියාය. හේතුව කොවිඩ් එන්නට පෙරත් මේරටේ ආර්ථිකය සහ රෝහල් පද්ධතිය පැවැතියේ යහපත් තත්ත්වයක නොවන නිසාය.නිදසුනක් වශයෙන් , 2019 මහ බැංකු ආර්ථික හා සමාජ දත්ත අනුව 2018 වසරේ මෙරට රෝහල් 613ක සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඒකක 506 ක සේවය සඳහා සිටියේ වෛද්‍යවරුන් 21,842 කි. හෙද සේවකයන් 36,165 කි.ප්‍රතිකාර මධ්‍යස්ථාන 1119 (රෝහල් 613 + ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඒකක 506 = 1119 ) කි. රෝහල් ඇඳන් සංඛ්‍යාව 76,774කි. මෙරට සෞඛ්‍ය සේවයේ දුප්පත්කම ඉන්ම පැහැදිලි කෙරේ. දිනක මාසයක වැටුප් පරිත්‍යාග කිරීමෙන් මේ තත්ත්වයෙන් ගොඩ යා හැකි නොවේ.

රටේ රෝහල් පද්ධතිය දුර්වල වීමට හේතුව ජනතාවගේ වරදක් නොව පාලකයන්ගේම වරදකි. ශ්‍රීලනිපයේ මන්ත්‍රී වරුන්ගේ ⁣ලක්ෂයේ චෙක්පත් බාරගත් මෛත්‍රී ද මෙරට සෞඛ්‍ය ඇමැතිවරයෙකි එසේනම් සෞඛ්‍ය සේවයේ දුප්පත්කමට ඔහුද වගකිය යුතු අයෙකි. තම  පාර්ලිමේන්තු කණ්ඩායමෙන් ලක්ෂ දාහතරක් එකතුකර දුන් පමණින් ඔහුට වරදින් ගැලවිය නොහැකිය.

කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් ගත් කලද කිය යුතුව ඇත්තේ එයමය.නිදහසින් පසුව ගෙවුණු වසර 70 ක කාලය සලකා බැලුවහොත් වත්මන් කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙක් අවම වශයෙන් වසර පහක් හෝ වැඩි කාලයක් මෙරට පාලනයට සම්බන්ධ වී සිටිති. එකී කාලය තුළ මෙරට තිබුණු තැනින් ඉහළට ඔසවා තැබීමට ඔවුන් දායක වී නැත. රටේ ණය බර වැඩි කිරීමට මිස අඩු කිරීමට ඔවුන් කටයුතු කර නැත. රටට අවශ්‍ය තරමට  රෝහල් සංඛ්‍යාව ඉහළ නංවා නැත .රෝහල් ඇඳන් සංඛ්‍යාව වැඩි කරද නැත.වෛද්‍ය , හෙද කාර්යමණ්ඩලවල අවශ්‍ය පරිදි ගුණාත්මක සහ සංඛ්‍යාත්මක සංවර්ධනයකට ඔවුන් කටයුතු කර නැත. එවන් පසුබිමක මාසයක වැටුප නොගෙන සිටීමෙන් ඔවුනට තමන් කළ පවු සමාකර ගත හැකි වන්නේද නැත.

නිදහසින් පසුව ගෙවුණු වසර 70 ක කාලය සලකා බැලුවහොත් වත්මන් කැබිනට් මණ්ඩලයේ බොහෝ දෙනෙක් අවම වශයෙන් වසර පහක් හෝ වැඩි කාලයක් මෙරට පාලනයට සම්බන්ධ වී සිටිති. එකී කාලය තුළ මෙරට තිබුණු තැනින් ඉහළට ඔසවා තැබීමට ඔවුන් දායක වී නැත. රටේ ණය බර වැඩි කිරීමට මිස අඩු කිරීමට ඔවුන් කටයුතු කර නැත. රටට අවශ්‍ය තරමට  රෝහල් සංඛ්‍යාව ඉහළ නංවා නැත .රෝහල් ඇඳන් සංඛ්‍යාව වැඩි කරද නැත.වෛද්‍ය , හෙද කාර්යමණ්ඩලවල අවශ්‍ය පරිදි ගුණාත්මක සහ සංඛ්‍යාත්මක සංවර්ධනයකට ඔවුන් කටයුතු කර නැත. එවන් පසුබිමක මාසයක වැටුප නොගෙන සිටීමෙන් ඔවුනට තමන් කළ පවු සමාකර ගත හැකි වන්නේද නැත.

සිය වැටුප සම්පූර්ණයෙන්ම බැංකු ණයකට කැපෙන්නේය කියන රාජ්‍ය ඇමැතිවරයා සම්බන්ධයෙන් ද ගැටලුවක් තිබේ. එනම් වැටුප සම්පූර්ණයෙන් කැපෙන පරිදි ඔහු ණයක් ලබාගත්තේ කෙසේද යන්නය. සාමාන්‍ය සේවකයකුට නම් ණයක් ලබාදීමේදී බැංකු ණය අයකර ගත් පසුව වැටුපෙන් 40% ඉතිරි වන්නේදැයි ගණන් බලනු ලැබේ. මේ කියන රාජ්‍ය ඇමැතිවරයාට ඒ කොන්දේසිය අදාළ නොවූයේ කෙසේද යන ප්‍රශ්නය තිබේ. ඔහු  (තම වැටුප මුළුමනින්ම ණයට කැපෙන බව කියන රාජ්‍ය ඇමැතිවරයා ) තවත් බරපතළ කතාවක් කීවේය . එය නම් තමා වෙනුවෙන් පරිත්‍යාග කිරීමට දහ දෙනෙකු ඉදිරිපත්ව ඇති බවය.  එවැනි පිරිසක් ඉදිරිපත් වේනම් ඒ කුමන අරමුණකින් විය හැකිද? රටේ තත්ත්වයගැන සිතා, ජනතාවගැන අනුකම්පාවෙන් ඔවුන් එසේ කරනවා යැයි සිතිය නොහැකිය. ජනතාවට සේවය කරන්නට පරිත්‍යාග කරන්නෙකුට දේශපාලකයන්ගෙන් ඇරයුම් අවශ්‍ය වන්නේද නැත. දේශපාලකයන්ට උපකාර කරන්නෝ ඊට ප්‍රතිඋපකාර බලාපොරොත්තු වෙති.ගස් හොරට කපන්නට අනුග්‍රහ බලාපොරොත්තු වෙති. කොන්ත්‍රාත්තු , වැලි බලපත්‍ර, පස් කැපීමේ බලපත් පමණක් නොව ඇතැම්විට මත්පැන් බලපත් ආදියද අපේක්ෂා කරනු ඇතැයි අනුමාන කළ හැකිය. ඉහත දේ බලාපොරොත්තුවෙන් උපකාර කරන්නේ නම් එවැන්නන්ගේ පරිත්‍යාගය වෛරසයට වඩා රටට හානිකර වනු නොඅනුමානය .

ඩිලාන් පෙරේරා කියන්නේ වැටුපෙන් අඩක් දිය හැකි බවය.කවර ආකාරයෙන් බැලුවද පරිත්‍යාග කෙරෙන්නේ එක මාසයක වැටුපය.වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලයෙන් තව වසර තුනක් ඉතිරිව ඇතැයි උපකල්පනය කළහොත් මැති ඇමැතිවරුනට මාස 36ක වැටුප් ලැබෙන්නට නියම්තය. ඒ අනුව ගත් කල එක් මසක වැටුප නොගත්තා වුවද මාස 35ක වැටුප ලබාගත හැකිය .

පවතින සංවාදය සහ මැති ඇමැති ප්‍රකාශවලින් ගම්‍යවන කටුක සත්‍ය⁣යනම් දේශපාලනය සමාජ සේවයක්⁣ නොව 225 දෙනකුට වසර 5 ක සේවයකින් පසුව විශ්‍රාම වැටුපක්ද ලබාගත හැකි රැකියාවක්බවට පත්ව ඇති ආකාරයයි. වැඩවර්ජන උද්ඝෝෂණ නොකර වැටුප් වැඩිකර ගත හැකි එකම රැකියා ස්ථානයද පාර්ලිමේන්තුවයි.

පවතින සංවාදය සහ මැති ඇමැති ප්‍රකාශවලින් ගම්‍යවන කටුක සත්‍ය⁣යනම් දේශපාලනය සමාජ සේවයක්⁣ නොව 225 දෙනකුට වසර 5 ක සේවයකින් පසුව විශ්‍රාම වැටුපක්ද ලබාගත හැකි රැකියාවක්බවට පත්ව ඇති ආකාරයයි. වැඩවර්ජන උද්ඝෝෂණ නොකර වැටුප් වැඩිකර ගත හැකි එකම රැකියා ස්ථානයද පාර්ලිමේන්තුවයි.

වැටුප් පරිත්‍යාගය යනු පරිත්‍යාගයක් නොව ඇස්බැන්දුමකි. ජනතාව රැවටීමට කරන තවත් උප්පරවැට්ටියකි.දේශපාලකයන්ගේ වගකීම වන්නේ අර්බුදයකදී මුහුණදිය හැකිවන තරමට රටක ආර්ථිකය , සෞඛ්‍ය සේවය ආදිය ශක්තිමත් කිරීමය. එහෙත්,වසර හැත්තෑ ගණනක් රට පාලනය කළ පාලකයන් කිසිවෙක් මේ රට යහපත් කළේයැයි කියන්නට නොහැකිය. ඒ මෙරට පාලකයන් රට ගොඩනැඟීම වෙනුවට මුල්තැන දුන්නේ මළ ගෙවල් මඟුල් ගෙවල්වල යාම,  මරණාධාර සමිතිවලට පුටු, කූඩාරම් පරිත්‍යාග කිරීම වැනි ජනතාව රවටන කටයුතුවලටය. රට වෙනුවෙන් සිතා කටයුතු කරන දේශපාලකයන් නම් කළ යුතුව ඇත්තේ මාසයක වැටුප පරිත්‍යාග කරන්නට කතා කිරීම නොව වැටුප් නොගෙන අවංකව ජනතාව වෙනුවෙන් සේවය කිරීමය.එසේ කරන්නට නොහැකි අයෙක් සිටීනම් ඔවුනට දේශපාලනයෙන් ඉල්ලා අස්වන්නට බාධාවක් නැත.වැටුප් නොගෙන කොමිස් ගහන දේශපාලකයන්ද රටක⁣ට අවශ්‍ය නැත .මේ මැති ඇමැතින් සියල්ලන්ම මැතිවරණ කාලයට ජනතාව ඉදිරියට එන්නේ රැකියාවක් ඉල්ලාගෙන නොව ජනතා සේවයටය කියමින් නිසාය. ජනතාව ඒබව තේරුම්ගෙන කටයුතු නොකරනතුරු මෙවැනි උසුළු විසුළු බලා සතුටුවී නින්දට යාමට ඔවුනට ද සිදුවනු ඇත.

 

අනුර කේ එදිරිසූරිය

 

 

 

 

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *