වාසුදේව රට ගියේ බැසිල් සමග ඔරොප්පුවට !

වාසුදේව නානායක්කාර මහතා කිරුලපොන මයිදින රැලියට සහභාගී නොවී කියුබ යාමට තීරණය කලේ කිරුලපොන රැලියේ සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ මහතාට භාර දීම නිසා ඇතිවූ සිත් වේදනාවෙන් බව අපගේ ආරංචි මාර්ග කියයි . ඒකාබද්ද විපක්ෂයේ සංවිධාන කටයුතු බැසිල් රාජපක්ෂ මහතාට භාරදීමට වාසු , විමල් වීරවංශ , ගම්මන්පිල , ඩලස් , දිනේෂ් ඇතුළු නායකයින් වැඩි දෙන විරුද්ධ වූ නමුත් මහින්ද රාජපක්ෂ මහතා කිසිවකුට කන් නොදී බැසිල්ට මුල් තැන දී ඇත . මේ නිසා අනිකුත් නායකයින් බොහෝ දෙන සිටින්නේ කලකිරීමෙන් බව කියති .

මෙම කණ්ඩායමේ අනෙක් නායකයන්ට අවශ්‍ය වී තිබෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළම රදවා තබාගෙන එහි නායකත්වයට ගෙන එම වුවද බැසිල් රාජපක්ෂ මහතාට අවශ්‍ය වී ඇත්තේ පක්ෂය කඩා  වෙනම පක්ෂයක් සැදීමට බවට ද චෝදනා නැගී ඇති බවද අපගේ ආරංචි මාර්ග කියයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *