රාමුවකට කොටු නොවී නවමු චින්තනයකින් කටයුතු කළ මංගල ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටි විශිෂ්ට සන්නිවේදකයෙක් – රනිල් වික්‍රමසිංහ.

 

“මංගල සමරවීරයන් ගේ අකල් වියෝව ජාතියක් වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද පෞද්ගලිකව මට ද ඉමහත් පාඩුවකි. ඉකුත් දින දහවලේ දී ඔහුට දුරකථනයෙන් ඇමතූ අවස්ථාවේ දී මා පැවසුවේ ඔහු සුවය ලබා පැමිණීම මා අපේක්ෂාවෙන් සිටින බවයි. එහෙත් එය එසේ නොවී ය. කොරෝනා වෛරසය අද උදෑසන වන විට ඔහු ගේ ජීවිතය ද බිලි ගෙන තිබුණි.

මංගල වනාහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වාසනීය ස්ථාවර අදහසක් දැරූ, සියළු දෙනාගේ ම නිදහස හා සමානාත්මතාවය මෙන්ම මානව අයිතිවාසිකම් වෙනුවෙන් ද පෙනී සිටි, කැපී පෙණුනු දේශපාලන චරිතයකි. එමෙන්ම රාමුවකට කොටු නොවී නවමු චින්තනයකින් කටයුතු කළ පුද්ගලයෙකි. මංගල අපේ සියලු ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටි විශිෂ්ට ගණයේ සන්නිවේදකයෙකි. 2015 සිට 2019 දක්වා පැවැති කැබිනට් මණ්ඩලය තුල විදේශ කටයුතු සහ මුදල් යන විෂයයන් ඉතා දක්ෂ ලෙස කළමනාකරණය කළ අමාත්‍යවරයෙකි. ”

 

රනිල් වික්‍රමසිංහ

එක්සත් ජාතික පක්ෂ නායක

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *