විමල්, වාසු, ගම්මන්පිල වෙනුවෙන් ඩලස් පිළිතුරු දෙයි

රට වසන ලෙස ඉල්ලා ජනාධිපතිතුමාට යැවූ ඉල්ලීමට තම පක්ෂ වෙනුවෙන් අත්සන් තැබූ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර , උදය ගම්මන්පිල ඇමතිවරුන් රට නොවසන්නට කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගත් බව දැන නොසිටි බවත්, එම තීරණ ගන්නා මොහොතේ ඔවුන් රැස්වීමේ නොසිටි බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා අද ප්‍රකාශ කළේ ය.

රට නොවසන බවට ඇමති මණ්ඩලය ගත් තීරණයකට එරෙහිව ලිපියක් අත්සන් කළ බවට  මෙම ඇමතිවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අද පැවති කැබිනට තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වේදියකු නැගු ප්‍රශනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා පැවසුවේ මෙම තත්ත්වය ඇති වුයේ එදින කැබිනට රැස්වීමේ වැඩ කටයුතු බලාපොරොත්තු නොවූ ලෙස රාත්‍රී 10.00 දක්වා දිග් ගැසුණු නිසා බව යි.

ආණ්ඩුවට සම්බන්ධ කුඩා පක්ෂවල රැස්වීම එදින රාත්‍රී 8.00 ට යොදාගෙන තිබු බවත්, එයට සහභාගී වීමට එම ඇමතිවරුන් රාත්‍රී 9.00 ට පමණ කැබිනට් රැස්වීමෙන් ඉවත්ව ගිය බවත්, රට නොවසා තැබීම ගැන කැබිනට් සාකච්ඡාව සිදු වුයේ රැස්වීමේ අවසන් අවස්ථාවේ බවත් ඇමතිවරයා වැඩි දුරටත් කී ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය සාකච්ඡාවක් තබමින් ඊයේ ප්‍රකාශ කළේ විමල්, වාසු, ගම්මන්පිල ඇමතිවරුන් රජයට එරෙහි කුමන්ත්‍රණයක සිටින බවට සැක මතුවන බව යි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *