හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතා අද (24) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා ට කොවිඩ් ආසාදනයවීමෙන් පසු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

දිගු කලක් දේශපාලනයේ නියැලී සිටි මංගල සමරවීර මහතා රජුන් තනන්නකු ලෙස ප්‍රකටව සිටියෙකි. එසේ වුව ද, පසුගිය මහ මැතිවරණයේ දී නාමයෝජනා භාර දී සිටි ඒ මහතා ක්‍රියාකාරී පක්ෂ දේශපාලනයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළේ ය.

පසුගිය කාලයේ ඒ මහතා මෙරට රැඩිකල් දේශපාලන මධ්‍යස්ථානයක් ගොඩ නැගීමේ කටයුතුවලට නායකත්වය දෙමින් සිටියේ ය .

ඒ මහතා මියයන විට 65 හැවිරිදි වියේ පසුවිය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *