කොවිඩ් වාර්තා තව ඉහළට ; මරණ 194 යි ; නව ආසාදිතයින් 4353 යි

රජය අද නිකුත් කළ නිල වාර්තාවලට අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 194 ක් වශයෙනි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,560 ක් ලෙස වාර්තා වී ඇත.

හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 4,353 ක් ලෙස සටහන් කරමින් නැවතත් දිනක වැඩිම ආසාදිත සංඛ්‍යාවේ වාර්තාව අලුත් කොට තිබේ.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට සටහන් වන්නේ 394,353 ක් වශයෙනි.

මේ අතර ලොව කොවිඩ් මරණ වාර්තා වීමෙන් ශ්‍රී ලංකාව 13 වැනි ස්ථානයට පැමිණ ඇති බව වාර්තා වෙයි.

එහි 12 වැනි ස්ථානයේ මේ වනවිට සිටින්නේ කෝටි 33 ක් ජනගහනයක් ඇති ඇමෙරිකා එක්සත් ජනපදය යි. ඊයේ එරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 198 ක් වනවිට කෝටි දෙකක ජනගහනයක් ඇති ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති සංඛ්‍යාව 194 කි.

ශ්‍රී ලංකා රජය නිකුත් කරන නිල සංඛ්‍යා පිළිබඳව ද බරපතළ ප්‍රශ්න මතු වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *