රට වහන්නයි කීවාට ජනාධිපතිගෙන් විමල්ට, වාසුට, ගම්මන්පිලට බැනුම් !

 

කොවිඩ් වසංගතය තවත් පැතිරීම වැළක්වීම සඳහා රට වසන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලන ලිපියකට අත්සන් තැබූ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇමතිවරුන්ට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා බැන වැදී ඇති බව වාර්තා වෙයි.

ඔවුන් තිදෙනාට වෙන වෙන ම දුරකථන ඇමතුම් දෙමින් ජනාධිපතිවරයා මෙම බැන වැදීම සිදු කර තිබේ.

ආණ්ඩුවේ පක්ෂ දහයක නායකයින් විසින් ජනාධිපතිවරයා වෙත ලියන ලද ලිපියකට මෙම ඇමතිවරුන් තිදෙනා පක්ෂ නායකවරුන් ලෙස අත්සන් තබා තිබීම ජනාධිපතිගේ කෝපයට හේතු වී තිබේ.

වහා  ම රට වසන ලෙසත්, කොවිඩ් මරණ සහ ආසාදිත දත්ත වෙනස්කරන නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙසත් එම ලිපියෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබිණි.

ජනාධිපතිතුමාගේ තර්කය වී ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් මෙම ලිපියට අත්සන් තැබීම සාමුහික වගකීම් උල්ලංඝනය කිරීමක් බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *