අපේ “සිහින” ජනාධිපතිගේ ජාතිය ඇමතීම – නිශාන්ත කමලදාස


අප මේ ගත කරන්නේ ඉතාම අමාරු කාලයක් හරහා. ඔබ මේ කාල වකවානුව තුළ අත් විඳින දුෂ්කරතා සියල්ල මා දන්නවා. ආදායම් අහිමි වීම මෙන් ම ඥාති මිත්‍රාදීන් අහිමි වීම හා ඔවුන්ට අවශ්‍ය ම අවස්ථාවේ පිහිටක් වීමට බැරි වීම ඒ අතර ප්‍රධාන බවත් මා දන්නවා. රෝගය සීග්‍රයෙන් පැතිරෙමින් පවතින බවත් රොහල් පද්ධතියට දරන්නට අපහසු තරමට එය වර්ධනය වෙමින් ඇති බවත් මා දන්නවා. මේ තත්වයෙන් පීඩා විඳින ජනතාව වෙත මගේ සංවේගය පල කරන අතරතුර ඒ ගැන අප සංවේදී බවත් මා ප්‍රකාශ කර සිටිනවා.

කෝවිඩ් පාලනය සඳහා පියවර ගණනාවක් රජය විසින් ගෙන ඇති නමුත් අප සමස්තයක් ලෙස අසාර්ථක වී තිබෙනව. ඒ බව මා පිළිගන්නවා. ඒ පිළිබඳව ඔබගෙන් මා සමාව අයදිනවා.

කෝවිඩ් පාලනය සඳහා පියවර ගණනාවක් රජය විසින් ගෙන ඇති නමුත් අප සමස්තයක් ලෙස අසාර්ථක වී තිබෙනව. ඒ බව මා පිළිගන්නවා. ඒ පිළිබඳව ඔබගෙන් මා සමාව අයදිනවා.

අප එන්නත් ක්‍රියාවලිය ආරම්භ කිරීමට හා පවත්වාගෙන යෑමට පමා වීම ඒ අතර ප්‍රධාන වූ බව මා පිළි ගන්නවා. ස්වදේශීය ප්‍රතිකර්ම ගැන විශ්වාසය තබා කටයුතු කිරීමත් මුල් රැලි කීපය එක්තරා දුරටක සංචරණ සීමා හරහා පාලනය කිරීමට හැකි වීම නිසා ඇති වූ විශ්වාසයත් ආර්ථිකය එතරම් හොඳ මට්ටමක නොතිබීමත් යන කාරණා එයට හේතු සාධක වුනා. ඒත් ඒ එක සමාවට කාරණයක් වත් නිසා කළ වරද නිවැරදි වන්නේ නැහැ.

පමා වී ආරම්භ කළ එන්නත්කරණ වැඩපිළිවෙල තුළ ද අවුල් තිබුනා. දේශපාලනඥයන්ගේ මැදිහත් වීම් මත ඒවා අත්‍යවශ්‍යයෙන් ලැබිය යුතු අයට ලැබුණේ නෑ. අපේ ප්‍රමුඛතාවල පවා අවුල් තිබුනා.

ඒත් අප ඒ අඩුපාඩු කම් වලින් ඉගෙන තිබෙනවා. මේ වන විට එන්නත්කරණ වැඩ පිළිවෙලට ඉහළ ප්‍රමුඛත්වයක් දී ක්‍රියාත්මක කෙරෙනවා. මිත්‍ර රටවලින් ආධාර වශයෙන් අප ලැබූ එන්නත් ලක්ෂ ……. ට අමතරව රජයේ මුදල් ගෙවා එන්නත් ලක්ෂ…. ප්‍රමාණයක් ගෙන්වා ගැනීමට අපි කටයුතු කළා.

අප ඒ සඳහා ප්‍රායෝගික ඉලක්ක ගණනාවක් මේ වන විට හදා ගෙන තිබෙනව (ඒවා විස්තර කරයි).

ඒ එන්නත් වැඩ පිළිවෙල සාර්ථක කරන්නට කැප වී වැඩ කරන සෞඛ්‍ය අංශ වලටත් හමුදාවටත් මගේ ගෞරවාදරය පුද කර සිටිනවා.

අප රට වැහීම හා විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී පොකුර නිර්මාණය වීමේ ඉඩකඩ ගැන දැක් වූ සංවේදීතාවය අවම බව මා පිළිගන්නවා. මින් ඉදිරියට මිනිසුන් කලබල වී එක්රැස් වන ආකාරයෙන් රට වැසීම හෝ විවෘත කිරීම් නොකරන බවට මා ඔබට පොරොන්දු වෙනවා.

අප රට වැහීම හා විවෘත කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ දී පොකුර නිර්මාණය වීමේ ඉඩකඩ ගැන දැක් වූ සංවේදීතාවය අවම බව මා පිළිගන්නවා. මින් ඉදිරියට මිනිසුන් කලබල වී එක්රැස් වන ආකාරයෙන් රට වැසීම හෝ විවෘත කිරීම් නොකරන බවට මා ඔබට පොරොන්දු වෙනවා.

සම්පූර්ණයෙන් රට වැසීමේ තීරණය අමාරු එකක්. එය කළ නොහැකි වූ තත්වයන් යටතේත් එන්නත පමා වීම යටතේත් රෝගය පැතිර තිබෙනව. ඔබේ හිතේෂීයයන් එහි ගොදුරු බවට පත් ව තිබෙනව. ඒ ගැන නැවතත් අ‌පේ සංවේගය පල කරනවා. ඒ අයට අවශ්‍ය ප්‍රතිකාර සපයා දිය හැකි ආකාරයට අප රෝහල් පද්ධතිය ශක්තිමත් කිරීමට මේ වන විට අප පියවර ගෙන තිබෙනවා (පියවර විස්තර කරයි). තව පියවර ගැනීමට අපේක්ෂා කරනවා (පියවර විස්තර කරයි).

පවතින තත්වය යටතේ ඔබට උපරිම සේවයක් සළසන සෞඛ්‍ය කාර්යය මණ්ඩලය වෙත ද ඒ සඳහා සම්බන්ධ වන පරිවාර ආයතන වලට ද මගේ ‌ගෞරවාදරය හිමි වෙනවා. ඔවුන්ට උදව් කිරීමට මේ මොහොතේ අප බැඳී සිටිනවා. ඒ සම්බන්ධයෙන් ඔබට ද වගකීමක් පැවරෙනවා. හැකිතාක් දුරට සෞඛ්‍ය උපදෙස් පිලිපැදීම මගින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට කටයුතු කිරීමට දායක වන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

රෝගය පාලනය කළ හැක්කේ විද්‍යාවේ පිළිසරණ පැතීම හරහා පමණයි. රෝගය පැතිරෙන ආකාරය ගැනත් ඊට මුහුණ දීම සඳහා ශරීරය සූදානම් කර ගත යුතු ආකාරය ගැනත් පර්යේෂණ හරහා ලබා ගත් දැනුම අද ලෝකය සතුයි. අප කළ යුත්තේ ඒ දැනුම මත පදනම් ව ජීවිතයට මුහුණ දීම යි.

පටු ව්‍යාපාරික අරමුණු උදෙසා විකුණන්නට තනන ඊනියා විකල්ප විසඳුම් ගැන විශ්වාසය තැබීමෙන් වළකින ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා.

එන්නත් ලබා ගැනීමට අමතරව ඔබ විසින් කළ යුතු ව ඇත්තේ සෙනඟ ගැවසෙන ස්ථාන මග හැරීමත් ඒ අවස්ථාවල මීටරයකට වඩා වැඩි පරතරයක් තබා ගැනීමත් මුඛ ආවරණ නිසි අයුරින් පැළඳීමත් මුහුණ ඇල්ලීමෙන් වැළකී සිටීමටත් නිතර සබන් යොදා අත සේදීම මගින් වෛරසය ශ්වසන පද්ධතියට ඇතුළු වීමට ඇති ඉඩකඩ අවම කර ගැනීමත් බව ඔබ දැනටමත් දන්නවා.

පොදු ප්‍රවාහන සේවා භාවිතයේ දී මේ තත්වය දැනට සිදු නොවන බව මම දන්නවා. එය නිසි අයුරින් සකස් කිරීම සඳහා පොලීසියට අමතරව යුද හමුදාවේ සේවය යොදවා ගැනීම කෙරෙහි මගේ සැළකිල්ල යොමු කර තියෙනව.

ඒ කෙසේ වුවත් අද වන විට තත්වය බරපතල වී ඇති නිසා තවදුරටත් ඔබේ අතේ වගකීම තැබීමට මා බලාපෙරොත්තු වෙන්නේ නෑ. අද සිට සති දෙකක කාලයකට ඒ නිසා මා රට වසා තබනවා.

මේ තීරණය ගැනීමට මෙතෙක් ප්‍රමාද වීමට හේතු ගණනාවක් තිබුනා. එයින් ප්‍රධාන අප මුහුණ දී ඇති ආර්ථික අර්බුදයයි. කරුණු එසේ වුව ත් වැසීමේ තීරණය පමා කිරීම ද අප අතින් වූ වරදක් ලෙස මා දකිනවා. අද අප ඒ වරද නිවැරදි කරනවා.

මේ තීරණය ගැනීමට මෙතෙක් ප්‍රමාද වීමට හේතු ගණනාවක් තිබුනා. එයින් ප්‍රධාන අප මුහුණ දී ඇති ආර්ථික අර්බුදයයි. කරුණු එසේ වුව ත් වැසීමේ තීරණය පමා කිරීම ද අප අතින් වූ වරදක් ලෙස මා දකිනවා. අද අප ඒ වරද නිවැරදි කරනවා.

එදිනෙදා වැඩ කරන මිනිසුන්ගේ ආදායම අහිමි නොවන පරිදි ඔවුන්ට සංචාරය කිරීමට නිදහස ලබා දෙන ලෙස පොලීසියට දැනුම් දී තිබෙනවා. හමුදා අධීක්ෂණය යටතේ පමණක් බස් සේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. සැපයීම් ජාලය අඩාල නොවන පරිදිත් ගොවියන්ගේ නිශ්පාදන නරක් නොවීමට පෙර වෙළඳ පොලට එවිය හැකි පරිදිත් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කෙරෙනවා. කඩ හිමියන්ට ජංගම සේවා මගින් පාරිභෝගිකයන්ට භාණ්ඩ සැපයීමේ හැකියාව දිගට ම ලබා දෙන ලෙස ආරක්ෂක අංශයන්ට උපදෙස් දී තිබෙනව. ඒවාට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධන හල් විවෘත ව තබනවා. මේ සම්බන්ධ ගැටළු යොමු කිරීමට විශේෂ දුරකථන අංකයක් අප ස්ථාපිත කොට තිබෙනව (අංකය කියයි).

අත්‍යවශ්‍ය සේවා වල නියුකත් අයට ද සැපයුම් ජාලය කඩා නොවැටී පවත්වාගෙන අයට ද වෙළඳ සැල් ‌ෆාමසි වල සේවකයන්ට ද ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වෙහෙසන අංශවල නියැලෙන අයට ද ප්‍රවාහන සේවාවල අයට ද වයස් සීමාවක් නොතකා එන්නත් කිරීමේ ජංගම වැඩ පිළිවෙලක් රට වසා ඇති මේ දින දහ හතර තුළ ක්‍රියාත්මක කිරීමට ‌අපේක්ෂා කරනවා.

ආදායම් අහිමි වන ජනතාව වෙනුවෙන් සහන වැඩ පිළිවෙලක් ඉදිරියේ දී ක්‍රියාත්මක කරනවා (විස්තර කරයි). ඒ සඳහා මේ තත්වය යටතේත් දිගටම ආදායම් ලබන ව්‍යාපාරික ආයතන වල අනුග්‍රහය මා අපේක්ෂා කරනවා. එවැනි ආයතන සඳහා විශේෂ වරප්‍රසාද පිරීනැමීමට අප බලාපොරොත්තු වෙනවා.

මේ සතුරා ජය ගන්නට ඔබ සැමගේ සහයෝගය අවශ්‍ය වෙනව. අප හැමට ඒ වෙනුවෙන් කැප කිරීමට සිදු වී තිබෙනව.

ආණ්ඩුව පැත්තෙන් කැපකිරීම් ගණනාවක් කිරීමට අප අපේක්ෂා කරනව. මැති ඇමතිවරුන්ගේ පරිවාර රථ භාවිතය මුළුමණින් නතර කරනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් ඇතැයි සාධාරණ සැකයක් ඇති තෝරාගත් කීප දෙනෙකුට පමණක් ආරක්ෂක රථයක් භාවිතා කළ හැකි බවට නීති සකස් කරනවා. ගමන් බිමන් සඳහා හෙලිකොප්ටර් භාවිතය මුළුමණින් ම නතර කෙරෙනවා. (තව බොහෝ පියවර විස්තර කරයි)

ආණ්ඩුව පැත්තෙන් කැපකිරීම් ගණනාවක් කිරීමට අප අපේක්ෂා කරනව. මැති ඇමතිවරුන්ගේ පරිවාර රථ භාවිතය මුළුමණින් නතර කරනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් ඇතැයි සාධාරණ සැකයක් ඇති තෝරාගත් කීප දෙනෙකුට පමණක් ආරක්ෂක රථයක් භාවිතා කළ හැකි බවට නීති සකස් කරනවා. ගමන් බිමන් සඳහා හෙලිකොප්ටර් භාවිතය මුළුමණින් ම නතර කෙරෙනවා.

ඔබේ පැත්තෙන් ද කැප කිරීමට ඇති සූදානම පල වේ යැයි මා විශ්වාස කරනවා

අපි එක් වී මේ අභියෝගය ජය ගනිමු. ඔබට තෙරුවන් සරණයි.

නිශාන්ත කමලදාස

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *