කළ යුතු හොඳම දේ නොකළ යුතු හොඳම විදිහට කිරීම – අනුර කේ එදිරිසූරිය .

අවසානයේ ආණ්ඩුව අගෝස්තු 20 රාත්‍රි 10.00 සිට 30දා දක්වා රට වසන්නට තීරණය කළේය . රට වසන බවට ප්‍රවෘත්තිය රටට ලැබුණේ 20දා සවස 2.30ට පමණය. එතෙක් ආණ්ඩුව කියමින් සිටියේ  රට අගුලු දැමීමක් නොකරන බවය . අගුලු දමන්නට කතාකරන්නන් ගේ අවශ්‍යතාව රට ප්‍රපාතයට හෙළීම බවද ආණ්ඩුවේ මතය ව්ය.ආණ්ඩුවේ තීරණයට එරෙහිව යමින් වෙළෙඳසල් වසා දමන්නට කටයුතු කළ වෙළෙඳ සංගම්වලට ආණ්ඩුවේ ඇමැතිවරුන්ගේ නිර්දය වාග් ප්‍රහාර එල්ල විය. අවසානයේ ආණ්ඩුවේ සුළු පක්ෂ දහයක්ද රට වැසිය යුතුය යන මතයට එකතුවිය .

රජයේ හෙද නිලධාරින්ගේ සංගමය ජූලි 19දා පැවැත්වූ උද්ඝෝෂණයේදී  විද්‍යානුකූලව රට වසන ලෙසත් , දිනකට පීසීආර් ලක්ෂය බැගින් කරන ලෙසත් ඉල්ලාසිටියේ සෞඛ්‍ය කාර්යමණ්ඩල අනතුරකට ලක්ව ඇති බවද පෙන්වා දෙමිනි.නමුත් ආණ්ඩුව එම ඉල්ලීමටවත් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක් රට වසන්නැයි කළ යෝජනාවටවත් අඩුම තරමින් මල්වතු සහ අස්ගිරි මහ නා හිමිවරුන් කළ ඉල්ලීමට වත් සවන්දෙන ස්වරූපයක් පෙන්වූයේ නැත. ආණ්ඩුවේ එකම ප්‍රතිචාරය වූයේ රට වැසීමේ ඉල්ලීමට කුමන්ත්‍රණ චෝදනාවලින් ප්‍රහාර එල්ල කිරීමය.

එහෙත් සිදුවිය යුතුව පැවැති ආකාරයටම අවසානයේ කොවිඩ් පාලනය සඳහා රට වැසීමේ තීරණය ගැනීමට ආණ්ඩුවට සිදුවිය . වරද ආණ්ඩුව එම තීරණය ගත්තේද ගත හැකි නරකම ආකාරයට වීම ය. එනම් කොරෝනා මර්දන ඇඳිරිනීතියට පෙර කොරෝනා වර්ධන පොකුරු ලක්ෂ ගණනක් නිර්මාණය වන ආකාරයටය .

එහෙත් සිදුවිය යුතුව පැවැති ආකාරයටම අවසානයේ කොවිඩ් පාලනය සඳහා රට වැසීමේ තීරණය ගැනීමට ආණ්ඩුවට සිදුවිය . වරද ආණ්ඩුව එම තීරණය ගත්තේද ගත හැකි නරකම ආකාරයට වීම ය. එනම් කොරෝනා මර්දන ඇඳිරිනීතියට පෙර කොරෝනා වර්ධන පොකුරු ලක්ෂ ගණනක් නිර්මාණය වන ආකාරයටය .

ප්‍රවෘත්තිය ලැබීම සහ ඇඳිරිනීතිය ආරම්භ වීම අතර කාල පරතරය පැය අටකට වඩා වැඩි නොවීය.ඒ කෙටි කාලය තුළ දින දහයක් නිවෙස්වලට වී ඉන්නට අවශ්‍ය දේ සපයා ගන්නට ජනතාව පොදිකන ආකාරය සෑම තැනකම දක්නට ලැබිණ. පොදු බස් රථවල සෙනඟ තෙරපෙන්නට විය. මං මාවත් වලට හදිසියේ රථ වාහන අධික සංඛ්‍යාවක් පැමිණියේය. වෙළෙඳ සල් වල සෙනඟ පොදිකන්නට විය.ඉන්ධන හල් අසල පෝළිම් දිග්ගැසිණ.නුදුරේදී ඉන්ධන  හිඟයක් ඇතිවේය යන මතයක් සමාජගතව තිබීමද එයට හේතුවක් විය. ෆාමසි අසල තත්වයද අන් තැන්වලින් වෙනස් වූයේ නැත .

හදිසියේ දැනුම්දුන් රට වැසීම හේතුවෙන් ඉදිරි දින දහයට අවශ්‍ය ගෙදරදොර ආහාරපාන , ඖෂධ ආදිය සපයාගන්නට නොහැකි වූ පිරිස කොතෙක්දැයි නිශ්චිතව කිය නොහැකි නමුත් එවැන්නන් දහස් ගණනක් සිටිය හැකි බවට අනුමාන කළ හැකිය . රට අගුලු දැමීමෙන් එදිනෙදා ජීවිකාව උපයාගන්නා පිරිස අපහසුතාවට ලක්වන බවත් රට විවෘතව තබන්නේ ඔවුන්ගේ යහපත සඳහා බවත් ආණ්ඩුවේ අදහස විය.එහෙත්  රට වැසූ ආකාරය හේතුවෙන් වඩාත්ම අපහසුතාවට ලක්වූයේ එම පිරිසමය. හේතුව රට අගුලු දැමීමේ තීරණය හදිසියේ ප්‍රකාශයට පත්වීමය.එවැනි අවස්ථාවකට හිටිහැටියේ මුහුණදීමට එම පිරිසට මුදල්හදල්, බැංකු කාඩ් , ක්‍රෙඩිට් කාඩ් නැත .ආණ්ඩුවෙන් පසුගිය වතාවන්වල ඔවුනට ලබාදුන් රුපියල් පන්දහසේ ආධාරයද මෙවර රුපියල් දෙදහස දක්වා අඩුකර තිබීම ඔවුන් කබලෙන් ලිපට ඇද දැමීමකි.

කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මෙරට බරපතළ තත්ත්වයකට මුහුණදී සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය ප්‍රකාශ කළේ ජුලි 31දාය. ඒ වන විටත් ඉන් පසුවත් සෞඛ්‍ය අංශ ඇතුළු බොහෝ පිරිසක් රට අගුලු දැමීමේ අවශ්‍යතාව නිරන්තරයෙන් පෙන්වාදෙනු ලැබීය . සෞඛ්‍ය අංශ විශේෂයෙන් කීවේ රෝහල්වලට දරා ගත නොහැකි තරමට රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවය. එහෙත් ආණ්ඩුවේ මතය වෙනසක් වූයේ නැත .කොවිඩ් සමඟ ජීවත්වීමට හුරු විය යුතුය , එකම විසඳුම එන්නත්කරණයය යන ආණ්ඩුවේ මතය වෙනස් වූයේද නැත .

රට අගුලු දමන්නැයි කෙරෙන ඉල්ලීම ආණ්ඩුව අර්ථකථනය  කළේ ආණ්ඩු විරෝධී ක්‍රියාවක් හෝ ආණ්ඩුව අපහසුතාවට ලක්කරන කටයුත්තක් වශයෙනි .තවත් අතකින් සංඛ්‍යාලේඛන වෙනස් කරමින් වසංගත තත්ත්වයේ බරපතළකම ජනතාවගෙන් වසන් කිරීමේ උත්සාහයකද ආණ්ඩුව නියැලුණු බව පෙනුණි . එයින් සිදුවූයේ වසංගතයේ සැබෑ ස්වරූපය සහ බරපතළකම ජනතාවට අවබෝධ නොවීමය. එහෙයින්ම රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳ හැඟීමක් ජනතාව අතර ඇතිවූයේ නැත. රෝග ව්‍යාප්තිය කෙරෙහි එය නරක ආකාරයෙන් බලපෑ බව පිළිගත යුතුය.

සංඛ්‍යාලේඛන වෙනස් කරමින් වසංගත තත්ත්වයේ බරපතළකම ජනතාවගෙන් වසන් කිරීමේ උත්සාහයකද ආණ්ඩුව නියැලුණු බව පෙනුණි . එයින් සිදුවූයේ වසංගතයේ සැබෑ ස්වරූපය සහ බරපතළකම ජනතාවට අවබෝධ නොවීමය. එහෙයින්ම රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳ හැඟීමක් ජනතාව අතර ඇතිවූයේ නැත. රෝග ව්‍යාප්තිය කෙරෙහි එය නරක ආකාරයෙන් බලපෑ බව පිළිගත යුතුය. 

ආණ්ඩුව රට අගුලු දැමීමේ තීරණය ගන්නා මොහොත වන විටත් ජනතාව ස්වේච්ඡාවෙන් අගුලුලා ගන්නා තත්ත්වයක් රටේ ඇති වෙමින් තිබිණ . රට නොවැසුව හොත් තමන් රට වසන්නට කටයුතු කරන බවට  වෘත්තීය සමිතිවලින් ආණ්ඩුවට තර්ජනයක් ද එල්ලවී තිබුණි . සියලු දේ හමුවේ ආණ්ඩුවට ගත හැකිව තිබුණු එකම පියවර රට අගුලු දැමීමය.විමල් , වාසු , ගම්මන්පිල ආදි ආණ්ඩුවට සහය දෙන පිරිසට කලඑළි බහින්නට සිදුවූ හේතුවද වෘත්තීය සමිතිවල තර්ජනය වන්නට පුළුවන .ආණ්ඩුව මැදිහත් නොවී වෘත්තීය සමිති විසින් රට අගුලු දමනු ලැබුණේ නම් ආණ්ඩුවේ අයට බලගතු අපවාදයකට ලක්වන්නට සිදුවිය හැකිව තිබුණි. වෘත්තීය සමිති තර්ජනය ඉදිරියේ විමල් ඇතුළු පිරිස ඉදිරිපත් වීම නිසා වෘත්තීය සමිතිවල තර්ජනය හමුවේ ආණ්ඩුව දණනැමුවේය යන අපවාදයෙන් ආණ්ඩුවට ගැලවීම⁣ට හැකි විය.

ඉල්ලීම වූයේ විද්‍යාත්මක රට අගුලු දැමීමකි. සිදුව ඇත්තේ විද්‍යාත්මක වැසීමක්ද යන ගැටලුව මතුවන්නේ සුපර්මාකට් ආදියට  ඔන්ලයින් වෙළෙඳාමට  ලබාදීමට ආණ්ඩුව 21දා තීරණය කරනු ලැබීම නිසාය.ඒ අනුව බොහෝවිට සිදුවිය හැක්කේ පෙර වතාවලත් සිදුවූ ආකාරයට ඇඳිරිනීතිය ඇතත් ගමනාගමනය සීමා නොවීමය.පෙර වතාවල සංචරණ සීමා පවතිද්දී මාර්ගවල නොගියේ නැවු පමණක් බව ආණ්ඩුව කෙසේ වෙතත් ජනතාව දනිති.⁣ මෙවර වන්නේත් එයම නම් රට නොවැසුවද වෙනසක් නොවනවා ඇත.

සෞඛ්‍ය අංශ කියන ආකාරයට රට වැසීමෙන් පමණක්ම ගැටලුව විසඳෙන්නේද නැත.පීසීආර් පරීක්ෂණ ලක්ෂය දක්වා ඉහළ දැමිය යුතු බවත් ඒ ඉලක්කය සපුරා ගැනීමට සහයෝගය දීමට තමන් සූදානම් බවත් වෘත්තීය සමිති කියන්නේ එහෙයිනි.එවැනි පියවරක් සඳහා සූදානමක් හෝ සැලසුමක් හෝ ආණ්ඩුවට තිබේදැයි මෙතෙක් පැහැදිලි නැත .ඇත්තෙන්ම කියන්නේ නම් රට වැසීමේ තීරණය වුව පෙර සූදානමකින් සහ සැලසුමකින් යුතුව , සූදානම් වීමට කාලයක් ලැබෙන පරිදි ජනතාව කලින් දැනුවත් කර ගනු ලැබුවේ නම් රට වසන බව කියා හැරෙන තැපෑලෙන් ඔන්ලයින් වෙළෙඳාමට සුපර්මාකට්වලට හෝ චූන් පාන් වලට අවසර දෙන්නට හෝ ආණ්ඩුවට සිදුවන්නේ නැත. රට වසන කාලයට අවශ්‍ය ආහාරපාන ආදිය සපයාගන්නට ජනතාවට එවිට ඉඩ ලැබෙන බැවිනි .

දැන් නැවත වතාවක් සිදුවණු ඇතැයි පෙනෙන්නේ රට බාගයක් වසා බාගයක් විවෘත වන තත්ත්වයකි. එසේ කිරීමෙන් කොවිඩ් පාලනය කළ හැකිදැයි දන්නේ තීරණය ගත් අයම පමණි. කොවිඩ් ප්‍රශ්නයේදී ආණ්ඩුව දිගින්දිගටම කළේ කළ යුතු දේ නොකළ යුතු ආකාරයට කිරීමය . ප්‍රතිශක්තිකරණ එන්නත්කරණයේදී වයස අවුරුදු හැටට වැඩි අයට ප්‍රමුඛත්වය දිය යුතුය යන උපදෙස පිළිනොගත් ආණ්ඩුව වෙනත් පිරිස්වලට එන්නත් කළා පමණක් නොව මන්ත්‍රී චට්වලට එන්නත් කරන ක්‍රමයක් ලොවටත් හඳුන්වා දුන්නේය .මෙරට මරණ සංඛ්‍යාව ඉහළ යාමට එම වැරදි පිළිවෙත බලපා ඇතිබවට හොඳම නිදසුන මෙරට මරණ සංඛ්‍යාවෙන් වැඩි පිරිස වයස 60 ඉක්මවූ එන්නත් ලබා නොගත් පිරිස වීමය. වළකට වැටීම මොළයට යහපත් බව කියන නමුත් කොවිඩ් වළට වැටීමෙන් වත් ආණ්ඩුවේ මොළය පෑදුණු බවක් පෙනෙන්නට නැත.එය ජනතාවගේ මෙන්ම ආණ්ඩුවේත් අවාසනාවය .

ප්‍රතිශක්තිකරණ එන්නත්කරණයේදී වයස අවුරුදු හැටට වැඩි අයට ප්‍රමුඛත්වය දිය යුතුය යන උපදෙස පිළිනොගත් ආණ්ඩුව වෙනත් පිරිස්වලට එන්නත් කළා පමණක් නොව මන්ත්‍රී චට්වලට එන්නත් කරන ක්‍රමයක් ලොවටත් හඳුන්වා දුන්නේය .මෙරට මරණ සංඛ්‍යාව ඉහළ යාමට එම වැරදි පිළිවෙත බලපා ඇතිබවට හොඳම නිදසුන මෙරට මරණ සංඛ්‍යාවෙන් වැඩි පිරිස වයස 60 ඉක්මවූ එන්නත් ලබා නොගත් පිරිස වීමය. වළකට වැටීම මොළයට යහපත් බව කියන නමුත් කොවිඩ් වළට වැටීමෙන් වත් ආණ්ඩුවේ මොළය පෑදුණු බවක් පෙනෙන්නට නැත.එය ජනතාවගේ මෙන්ම ආණ්ඩුවේත් අවාසනාවය .

අනුර කේ එදිරිසූරිය .

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *