දින නවයක් නිරෝධායන ඇඳිරි නීතිය පනවයි

අද රාත්‍රී 10.00 සිට 30 වැනිදා සඳුදා උදැසන 4.00 දක්වා රට පුරා නිරෝධා න ඇඳිරි නීතිය පනවා ඇත.

ඒ අනුව හෙට සිට දින නවයක්  නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.

කතෝලික පල්ලිය විසින් හෙට දින විරෝධතා දිනයක් ලෙස මීට පෙර ප්‍රකාෂයට පත් කොට තිබිණි.

බෞද්ධ මහා නා හිමිවරුන් ඊයේ ඉල්ලීමක් කළේ අඩු තරමින් සතියකට රට වසන ලෙසයි.

රජය රට නොවසන්නේ නම් තමන් රට වසන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති ප්‍රකාශ කොට තිබිණි.

රට පුරා නගර, උප නගර සියයකට වැඩි ප්‍රමාණයක් මේ වන විට වෙළෙඳ සංගම් විසින් වසා දමනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *