ඇමතිවරුන්ට පුටු මාරුවක්

ඇමති මණ්ඩලයේ තනතුරු මාරුවක් මීට සුළු මොහොතකට පෙර සිදු කොට තිබේ. මෙහි දී ඇමති මණ්ඩලයට කිසිවකු අලුතින් පත්කොට හෝ ඉවත් කොට හෝ නැති අතර තනතුරු මාරු කිරීමක් පමණක් සිදු කොට තිබේ. විෂයයන් වෙනස් වීම හැරුණු විට ඇමති මණ්ඩලයේ වෙනස් වීමක් සිදු කොට නැත.

මෙම ඇමති මාරුවට අනුව මෙතෙක් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය ජී එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසද, විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ද දිවුරුම් දී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස දිවුරුම් දුන්නාය.

ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ.

විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුනි.

ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණී ලොකුගේ මහතා දිවුරුම් දී ඇත්තේ විදුලිබල අමාත්‍යවරයා ලෙසය.

මේ අතර සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය ලෙස නාමල් රාජපක්ෂ මහතා පත්කර තිබේ.

ඒ දැනට ඔහු දරණ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යධූරයට අමතරවය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *