ජනගහනය අනුව කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් ශ්‍රී ලංකාවට හතර වැනි තැන

ජනගහනයේ අනුපාතයක් ලෙස කොවිඩ් මරණ සංඛ්‍යාව අතින් ශ්‍රී ලංකාව ලෝකයේ හතරවන ස්ථානයට පත්ව ඇති බව ගෝලීය දත්ත විශ්ලේෂණ උපුටා දක්වමින් ECONOMYNEXT වෙබ් අඩවිය වාර්තා කොට තිබිණි.

ඇමෙරිකාවේ ජෝන් හොප්කින් විශ්ව විද්‍යාලයේ සමීක්ෂණයක් අනුව ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස කොවිඩ් මරණ වැඩි ම රට ජෝර්ජියාව වන අතර දෙවන , තෙවන ස්ථාන හිමි කරගෙන ඇත්තේ පිළිවෙලින් ටියුනීසියාව සහ මැලේසියාව යි.

ශ්‍රී ලංකාව එහි සිව් වන ස්ථානයේ  සිටින අතර පස් වැනි තැන සිටින්නේ කියුබාව යි.

ජනගහනය දශ ලක්ෂයකට ජෝර්ජියාවේ මරණ සංඛ්‍යාව 12.56  ක් වන අතර ටියුනීසියාවේ 12,12 ක් සහ මැලේසියාවේ 7.92 ක් වෙයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව දශ ලක්ෂයකට 7.43  කි .

ඒ අනුව ශ්‍රී ලංකාවට හතර වැනි ස්ථානය හිමි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *