අද කොවිඩ් නිල සංඛ්‍යා : මරණ 161 යි ; ආසාදිතයින් 3435 යි

රජයේ නිල සංඛ්‍යා අනුව ද කොවිඩ් මරණ සහ නව ආසාදනය දිගින් දිගට ඉහළ යන බව තහවුරු කරමින් අද දිනයේ තහවුරු කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 161 කි.

ඒ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 6,096 ක් වශයෙනි.

රජයේ නිල සංඛ්‍යා අනුව අද දිනයේ මෙරටින් අලුතින් හඳුනාගත් කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3,435 කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 354,968 ක් වශයෙනි.

ආණ්ඩුව දිනපතා ඉදිරිපත් කරන මෙම නිල සංඛ්‍යා පිළිබඳව බරපතළ විවේචන එල්ල වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *