ආණ්ඩුව රෑට කොවිඩ් පාලනය කරයි ! පැය හයක් ඇඳිරි නීතිය පනවයි !!

කොවිඩ් වසංගතයේ පැතිරීම පාලනය කිරීම සඳහා ආණ්ඩුව රාත්‍රී කාලයේ පැය හයක නිරෝධායන ඇඳිරි නීතියක් හෙට සිට  ක්‍රියාත්මක වන ලෙස පනවා තිබේ.

ඒ අනුව හෙට සිට නැවත දන්වන තුරු රාත්‍රී 10.00 සිට උදැසන 4.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොට ඇත.

මේ අතර විවිධ නගරවල ජනයා  සහ වෙළෙඳ සංගම් තමන්ගේ ම නිරෝධායන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කොට තිබේ. මේ වනවිටත් නගර ගණනාවක කඩ සාප්පු වසා දමා ඇති බව වාර්තා වෙයි.

ගම්පහ , යක්කල , කැප්පෙටිපොළ ,නෙළුව , මාතලේ ඇතුළු නගර ගණනාවක් මේ වනවිටත් වසා  හෝ වස දැමීමට සුදානමින් හෝ  ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරුවෝ වාර්තා කරති.

කොළඹ ඇතුළු නගර ගණනාවක් ජන ශුන්‍ය වී ඇති බව ද අද දහවල් මාධ්‍ය වාර්තා කළේ ය.

මාධ්‍ය වාර්තා කළේ රජය රට වසා දැමීමට තීරණය නොකළ ද මහජනයා ස්වේච්ඡාවෙන් සීමා පනවාගෙන ඇති බවයි.

රජය රාත්‍රී කාලයේ පැය හයක ඇඳිරි නීතියක් පනවන්නේ ජනතාව ස්‌වයං වාරණ පනවාගෙන සිටින තත්ත්වයක් තුළ වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *