වසංගතයට මුහුණදෙන්න සියලු පක්ෂ කැඳවන්න – එජාප නායක රනිල් ඉල්ලයි

පවතින දරුණු කොවිඩ් වසංගත තත්ත්වයට මුහුණ දීම සඳහා සියලු පක්ෂවල අදහස් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කර සියලු පක්ෂවල සමුළුවක් කැඳවන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලීමක් කොට තිබේ.

අගමැතිතුමා සහ සෞඛ්‍ය ඇමතිතුමිය ඇතුළු සියලු පක්ෂ නියෝජිතයන්ගේ සාකච්ඡාවකින් සියලු පක්ෂවල අදහස් ලබාගෙන කටයුතු කළ යුතු බව ඒ මහතා පෙන්වා දෙයි.

කොවිඩ් ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු සැසියක් කැඳවීමට රනිල් වික්‍රමසිංහ මහතා කලින් යෝජනා කළ ද මේ වනවිට පාර්ලිමේන්තුව රැස් කිරීම ද ප්‍රශ්නයක් වී ඇති නිසා මෙම යෝජනාව ඉදිරිපත් කළ බව රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

කොවිඩ් මර්දනය සඳහා සැලකිල්ලට ගැනීම සඳහා යෝජනා 22 ක් අඩංගු වැඩ පිළිවෙලක් ද එක්සත් ජාතික පක්ෂය පසුගිය දා ඉදිරිපත් කළේ ය. එම යෝජනා ඉදිරිපත් කරමින් පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ප්‍රකාශ කළේ දේශපාලන කෝණ ඉවත ලා එම යෝජනා පිළිබඳව සුබවාදී ලෙස අවධානය යොමු කරන ලෙසයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *