නොමනා ලෙස ආණ්ඩුව රැකීමට අපි බැඳී නෑ- සමන් රත්නප්‍රිය (3 වැනි කොටස)

ආණ්ඩුවේ නොහැකියාව නිසා අවුල් ප්‍රමාණය වැඩි වෙමින් තිබේ. එසේ වූ පලියට සිවිල් සමාජයට හා වෘත්තීය සමිති ව්‍යාපාරයට 100% ආණ්ඩුව ආරක්ෂා කළ නොහැක. ආණ්ඩුව සමග එහෙම කොන්දේසියක් අපත් සමග නැතිවා පමණක් නොව එහෙම යන්න පුළුවන් කමක් අපිට ද නැත. ඒ විතරක් නොව එහෙම ගිවිසුමකට නොයා යුතු ය. මක්නිසා ද යත් ආණ්ඩුව පැත්තෙන් තම හැකියාව වර්ධනය කරගැනීම අනිවාර්යයෙන්ම කරගත යුතු ය. අනික් පැත්තෙන් සිවිල් සමාජය විදියට ආණ්ඩුවේ තියෙන අඩුපාඩුකම් හෙළදරව් කරමින් ජනතාවගේ පැත්තෙන්, ජනතාවට ඇත්ත පැහැදිළි කර වැරදි දේට වැරදි කියන්නත්, හොඳ දේට හොඳයි කියන්නත් පුළුවන් මට්ටමේ මතවාදයක් රට තුළ පෝෂණය කරන එකත් වැදගත් යැයි අපි විශ්වාස කරමු. හරිම අමාරු දෙයක් නමුත් වෙනත් විකල්පයක් තියෙනවාද කියන එකත් බරපතල ප්‍රශ්නයකි.
මේ විවේචනයේ දේශපාලන හැඩරුව එළඹෙන මැයි දිනයේ දි ප්‍රකාශවීමට ඉඩ තිබේ ද යනුවෙන් කිසිවෙකු ප්‍රශ්න කරන්නේ නම් දේශපාල පක්ෂවල, වෘත්තීය සමිතිවල බලය ශක්තිය ප්‍රදර්ශනය කරන අවස්ථාවක් ලෙස තමයි මැයි රැළි පවත්වන්නේ. එතන දී දේශපාලන පක්ෂ වඩා වැඩි මහන්සියක් ගන්නවා තමන්ගේ පක්ෂයේ බලය ප්‍රදර්ශණය කරන්නට. වෘත්තීය සමිති විදියට ඒක සංකේතාත්මකව සමරණ එක ප්‍රායෝගිකව සිද්ධ වෙමින් තිබේ. ඒකට හොඳම උදාහරණය දැන් වැඩවර්ජනයක දී 100%ක්ම එළියට බහින වෘත්තිය සමිති නැතිවාක් මෙන්ම මැයි දිනයේ දී එහෙම පෙනෙන්නේ නැත. දේශපාලන පක්ෂ නැති වූ බලය ගන්න, තිබෙන බලය ස්ථාවර කරගන්නට මැයි දිනයට වරප්‍රසාද දීලා මිනිසුන් ගෙන්න බව අපි දකිමු. මැයි දිනයේ දි යම් ප්‍රමාණයකට, තියෙන කළකිරීම හෝ ප්‍රකාශවේද යන්න කිව නොහැකි ය. නමුත් යම් ප්‍රකාශනයක් මැයි දිනයේ දී සිදුවීමට පුලුවන. මක් නිසා ද යත් මහින්ද රාජපක්ෂ හා ඒකාබද්ධ විපක්ෂය නමින් වෙනම මැයි දිනයක් පවතිවති. ඊ ළගට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම මැයි දිනයක් සූදානම්කර ඇත. එක්සත් ජාතික පක්ෂය ද වෙනම මැයි දින රැළියක් සංවිධානය කරයි. මේ මැයි දිනයේ දි එවැනි දේශපාලන ප්‍රකාශනයක් සිදු වූවාට මහපොළවේ ඇති දේශපාලන ස්වභාවය ඒ ආකාරයෙන්ම මැයි දිනයේදි ප්‍රකාශවෙයි ද කියන කාරණය හරියට කියන්නට අමාරුය. හැබැයි මේක සැළකිය යුතු ආකාරයට ප්‍රකාශවෙයි ඊ ළග පලාත් පාලන මැතිවරණයේ දී.
ඒ නිසා පලාත් පාලන මැතිවරණය කියන්නේ මහතිවරණයක් නොව රටේ පහළ තීරුවේ මැතිවරණයකි. නමුත් ඒකේ දී ආණ්ඩුවට තිබෙන කළකිරීම ආණ්ඩුවේ ස්ථාවර භාවය හෝ විපක්ෂය කියන දේවලට ජනතාව දක්වන ප්‍රතිචාරය පලාත්පාලන මැතිවරණයේ දි ප්‍රකාශයට පත්විය හැකි බවයි මට පෙනෙන්නේ.
වැට් බද්ධ සම්බන්ධයෙන් මේ මැයි දිනයේ දී කම්කරු පංතියේ ප්‍රතිචාරය පිළිබඳව අසන්නේ නම් තවත් කරුනු කිහිපයක් තිබේ. ඒ අතර මැන් පවර් පිළිබඳ ප්‍රශ්නයක් ඇත. ආණ්ඩුව බලයට පත්වීමට පෙර දුන් සමහර පොරොන්දු ක්‍රියාත්මක කරන්නේ නැත. වසර 4කට වඩා වැඩ කළ සේවකයින් ස්ථිර කරනවා කියූ නමුත් එය ස්ථිරකර නැත. දැන් විදුලි බලමණඩලයේ එම කම්කරුවෝ අපවාස කළ හ. එයට අපි ද යම් මැදිහත් විමක් කලේ ය. ඒ සේවකයෝ දින 18ක් පමණ වගේ සත්‍යග්‍රහයක් කරමින් සිටියේ ය. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් සත්භාවයෙන් බලනවා නම් මේකට කුමක් හෝ කළයුතු ය. මේ අමාත්‍ය අංශයේ සිටින්නේ සන්ධාන ආණ්ඩුවට අයත් පක්ෂ දෙකේ ඇමතිවරු දෙදෙනෙකි. දුම්රියේ මෙන්ම වරායේද මෙවැනි ප්‍රශ්න තිබේ. ඒ කළකිරීමේ යම් ප්‍රමාණයක් ආණ්ඩුවට අවාසිදායක වීමට ඉඩතිබේ. නමුත් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශයට පත් වූ පලියට ඒක මහින්ද රාජපක්ෂට පාව්ච්චි වෙයිද යන්න මට කිව නොහැක යි . මහින්ද රාජපක්ෂගේ නාස්තිය හා දූෂණය වැනි කෙරුවාවන් හා ඝාතන තව දුරටත් හෙළිදරව්වී තිබෙනවා මෙන්ම මිනිසුනට ඒ ගැන අවබෝධයක් ඇත. ඒවා ඔප්පු නොවුනත් ඒවා ඒ අය කළ බව මිනිස්සු දනිති. වැඩකරන පංතිය සංවිධානය වු කොටසකි. ඒ නිසාම නායකත්වය දරන අදහස සැළකිය යුතු ප්‍රමාණයකට පහළ ක්‍රියාත්මක වේ. ඒ නිසා මහින්ද රාජපක්ෂට පක්ෂපාතිකමක් ඔවුන් දක්වන එකක් නැත. නමුත් වෙනත් විකල්ප දේශපාලන ධාරාවන්ට ඒ ඡන්ද පාවිච්චි වන්නට පුලුවන. ඒ අතරම විපක්ෂයේ ඇති බෙදීම් හරහා ඒකේ වාසිය ආණ්ඩුවට ලැබෙන බවයි මට හිතෙන්නේ.
අපි පසුගිය කාලය පුරාවටම නැතත් ප්‍රජාන්ත්‍රවාදය පිළිබඳ ගැටලුව මතුවූ මොහොතේ සිට ක්‍රියාත්මක වූයේ දේශපාලන අදහසකිනි. ඒ සඳහා වෘත්තිය සමිති හා සිවිල් සමාජය ඒකාබද්ධව කටයුතු කලේ ය. ඒක ඒ මොහොතේ අනිවාර්ය කළයුත්තක් ලෙස අපි දැක්කෙමු. ඒ නිසා විශාල කණඩාම් එකතු වී සාකච්ඡා කරමින් මේ දේශපාලන වෙනස්කමට දායක විය. පූජ්‍ය මාදොලුවාවේ නායක හාමුදුරුවන්ගේ නායකත්වයෙන් ඒක සිද්ධ වූයේ. මේ මැයි දිනය වෘත්තිය සමිති හැටියට එකග වෙන්නට හැකි කාරණා වල දී අපි ක්‍රියාකළේ මධ්‍යස්ථව ය. සිවිල් සමාජයත් එක්ක මීට කලින් මැයි දිනවල දී අපි ක්‍රියාකර නැත. හැබැයි මේ මොහොතේ අපි කල්පනා කරමින් සිටිනවා ඒ ජනවාරි 08 ව්‍යාපාරය ට යම් ප්‍රමාණයකට දායක වූ අය, අපි ඉදිරිපත් කරන පොදු අදහසට එකග වන පුලුවන් අය මැයි දිනයේ දී ඒකාබද්ධ කරගන්නට හැකි ද යන්න. ඒකේ තිබෙන වැදගත්කම වෙන්නේ ඇතිකළ වෙනස ආරක්ෂා කරගැනීම ය. ඒක ඉදිරියට ගෙනයා යුතු ය. ඒකේ ඇති අඩුපාඩුකම් හදාගත යුතු ය. ඒකට බලපෑම කළයුතු ය. ඒ බලපෑම කරන්නට නම් අපි ඒකාබද්ධකම තිබීම වැදගත් ය. වෘත්තිය සමිතිවල එක්සත්කම තිබෙනවා වගේම සිවිල් සමාජය අතරද බරපතල එක්සත් කමක් හදාගන්නට අවශ්‍යය. ඒ අදහස තුළ මේ මැයි දිනය ක්‍රියාත්මක කරන්නට පුළුවන්ද කියන එක තමයි සාකච්චා මෙමින් ඉන්නේ. එවැනි තැනකට අපිට පියවරක් හරි තියන්නට හැකි නම් ඒක රට පැත්තෙන් හොඳයි කියන එකයි මගේ අදහස.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *