හිටපු මුදල් ඇමති රවී එජාප කෘත්‍යාධිකාරීයට එයි ; තනිව රජ වෙන්න හදපු අය ගැන කියයි

පසුගිය කාලයේ එජාප ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත්ව සිටි හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා පසුගිය සිකුරාදා පැවතී පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සසභාගී වී වේගවත් කතාවක් කරමින් පක්ෂයේ අතීත ක්‍රියාකාරීත්වය විවේචනය කොට ඇත. පොදුවේ පක්ෂයට කළ විවේචනයක් ලෙස එය පෙනී ගිය ද, එහි සැබෑ ඉලක්කය වුයේ සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන බලවේගය බව දේශපාලන නිරීක්ෂකයෝ කියති.

මහා බැංකු බැඳුම්කර ප්‍රශ්නය ගැන තමන්ට, රනිල් වික්‍රමසිංහ මහතාට සහ අර්ජුන මහේන්ද්‍රන්ට චෝදනා කරන උදවිය එවකට විෂය භාර ඇමති කබීර් හසීම් මහතා ගැන කිසිවක් නොකියන බව කරුණානායක මහතා ප්‍රකාශ කොට ඇත. කබීර් හෂීම් මහතා මේ වනවිට සිටින්නේ සමගි ජන බලවේගයේ ය. සජිත් ප්‍රේමදාස මහතා සමග ය.

සියලු දෙනා  පක්ෂයක් ලෙස වැඩ නොකර තනිව ම රජ වෙන්නට හැදු බවත්, අවසානයේ සියලු දෙනා තනි වී ඇති බවත්, හිටපු මුදල් ඇමතිවරයා ප්‍රකාශ කොට තිබේ. මෙය ද ප්‍රධාන වශයෙන් සජිත්ගේ ක්‍රියා කලාපය විවේචනය කිරීමක් බව කියති.

ආණ්ඩුවක් ලෙස කළ වැඩ කටයුතු ප්‍රචාරය කිරීමට සැලසුමක් නොතිබීම ගැන දැඩි විවේචනයක් කළ ඒ මහතා අදටත් පක්ෂයට ඒ සඳහා වැඩ පිළිවෙලක් නැති බව ද කියා තිබේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම විවේචන පිළිබඳව කිසිවක් කියා නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *