දේශීය නිෂ්පාදිත කොවිඩ් වෛරසයක් එයි !

දේශීය වශයෙන් නිෂ්පාදිත නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් සමාජ ගත වීමේ අවදානමක් ඇති බව විශේෂඥ වෛද්‍යවරු කියති. මේ වනවිට ශ්‍රී ලංකාවේ සමාජ ගත වී ඇති කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිර යාමේ ප්‍රතිඵලයක් ලෙස මෙම දේශීය කොවිඩ් ප්‍රභේදය බිහිවිය හැකි බව විශේෂඥ මතය වී තිබේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කරන්නේ මෙම ශ්‍රී ලංකා කොවිඩ් ප්‍රභේදය විදේශීය ඩෙල්ටා ප්‍රභේදයට වඩා බලවත් විය හැකි බව යි.

කොවිඩ් ඩෙල්ටා ව්‍යාප්තිය වත්මන් තත්ත්වය යටතේ පාලනයකින් තොරව පැවතිය හොත් ලබන මස මැද භාගය වනවිට මෙම නව දේශීය කොවිඩ් ප්‍රභේදය නිර්මාණය විය හැකි බව කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *