කොවිඩ් ඊයේ නිල වාර්තා ; මරණ 160 යි ; නව ආසාදිතයින් 3245 යි ; ආසාදිත සමස්තය 350,000 පනී

රජය ඊයේ නිල වශයෙන් නිවේදනය කළ කොවිඩ් මරණ සංඛ්‍යාව 160 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වාර්තාවල සටහන් වන්නේ 5.935 ක් වශයෙනි.

රජය ඊයේ නිල වශයෙන් නිවේදනය කළ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 3,245 කි.

ඒ අනුව මෙරටින් හමු වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එම නිල වාර්තා අනුව ද 351,515 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම වාර්තාවලට අභියෝග කරන වෛද්‍ය සංවිධාන ප්‍රකාශ කොට ඇත්තේ දිනකට සිදුවන කොවිඩ් මරණ සංඛ්‍යාව 250 ක් ඉක්මවන බව යි.

සමාජයෙන් දිනකට හමුවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 30,000 ක් තරම් විය හැකි බවට ද වාර්තා පළ වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *