කුරහන් සාටකය දමාගත් මුදල් ඇමති බැසිල් කුරහන්වලටත් බදු ගසයි ! කරවල, හාල්මැස්සන් , උළු හාල් , ලුණු , අබ, බටර් සඳහාත් අලුත් බදු

භාණ්ඩ ගණනාවකට අලුතින් බදු පනවා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇත.

කුරහන් පිටි  කිලෝවක් සඳහා රුපියල් 150 ක් ද, කරවල සහ හාල් මැස්සන් කිලෝ වක් සඳහා රුපියල් සියය බැගින් ද, උළු හාල් සඳහා රුපියල් 50 ක් ද , බටර් සඳහා රුපියල් 880 ක් ද , ලුණු සඳහා රුපියල් 40 ක් ද , අබ ඇට සඳහා රුපියල් 62 ක් ද , වශයෙන් නව බදු පැනවීම සිදු කොට තිබේ.

මේ භාණ්ඩ සියල්ලෙහි සහ ඒවායේ ආදේශ භාණ්ඩ මිල ද මේ  අනුව ඉහළ යනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *